P𝚊𝚛𝚝 0️⃣3️⃣

Start from the beginning
                                    

**********

' ආ..කී...ල්......!

උදෑසන රෝහල දෙවනත් කර කෑ ගැසු ඒ දඩබ්බර තරැණයා නොවෙද මේ ?
ඒ ඔහුයි......'

ජානුල්‍යයට හිතාගන්න බෑ,
ඒ නම තම මතකයේ රැදුන විදිහ නම්......

මාවත ආලෝක කරන විදීලාමිපුවේ එළියෙන්,
පහර ලැබ සිහිසුන්ව සිටි රුව අදිනගැන්මට ජානුල්‍යය අපහසු නොවිය..

තමා මේ කරගත්තේ ගැටළුවකට බලෙන් අත පෙවිමක් නොවේ ද ???
නමුත් ,
දැන් ඒ ගැන සිතිමට ප්‍රමාද වැඩි.....
තවදුරටත් මෙතන රැදිම දෙදෙනාටම ගැටළුවක් වන බව නොවනුමානයි .....

ඒ දේහදාරී ශරීරය තම ගතට වත්තම් කර ගත් ජානුල්‍ය ඔහු රැගෙන හැකි විගසින් එතනින් පිට විය.

________________🖋️

🍁#තෙවාන්

ඇගට දැනෙන යම් අපහසුතාවයත්.....
හිසට දැනෙන බර ගතියත් එක්ක තෙවාන් දැස් ඇරියේ
තමට වුන දේ ගැන සිහිගන්වමින්.....

තමා සුවපහසු සයනයක සිටියත් අවට දර්ශනය ආගන්තුකයි,
තෙවාන්ගේ දැ⁣ස් කලබලයෙන් එහා මෙහා ගියේ තමා ඉන්න තැන නිෂ්චිත කර ගැනිමට වෙද්දී තවමත් නිදා නොසිට සය⁣නයෙන් කෙලින් වුයේ මේ කුටියෙන් පිටතට යාමටයි .....

" හා..හා..නැගිටින්න එපා !
ඔහොම ඉන්න , ඔයාගේ කකුලට බර දෙන්න හොද නෑ....."

"ඩො...ක්..ට..ර්...! "

තෙවාන්ගේ දෑස් ගැස්සුනේ ඒ රුව දැකලා......
එහෙම වෙන්න පුළුවන් ද ????......උදැසන තමාට හමු වු වෛද්‍යවරයා දැන් ආයිම තමා ඉදිරියේ ...

විස්වාසයි , තමා සිටින්නේ නම් රෝහලේ නොවන බව.

" හ්ම්.......මතකයි එහෙනම් මාව "

" ම..ට මො..කද වුනේ..?
මේ කොහෙද ........"

" මං අහන්න ඕනි ප්‍රශ්නයක් නෙවේද ,
ඔයා මගෙන් අහුවේ ?
ඉන්නේ නම් මගේ ගෙදර ........ "

" ම්ම්.......වෙච්ච දේ මටත් හිතාගන්න බෑ......"

තෙවාන් එසේ පැවසුවේ රාත්‍රියේ සිදු වු දේවල් මතක් වුනත් ,
ඒ සිටි පිරිස කවුද යන වඟ අනුමාන කල නොහැකි නිසාවෙනි.

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now