Chapter 5

187 61 27
                                    

ඇත්තටම ජින් , ටේ ජිමින්ලා ඉන්න ටෙන්ට් එක පැත්තට ආවෙ ඌවමනාවකට නම් නෙමෙයි. ඒ පැත්තෙන් ඇහෙන හිනා වෙන සද්දෙ ඇහිලා.

" හියුන්ග් !! " කිසිම කතාවක් දෙන්න අතර නැති උන නිසා ටේ මුලින්ම කතා කරන්න හිතුවා.

" ම්ම්ම්..." අත් දෙක දෙපැත්තට දාලා පිටිපස්සට බර වෙලා වාඩිවෙලා රෑ අහස දිහා බලන් හිටපු ජින් හෙමින් ටේගෙ ඇස් දිහා බැලුවම ටේ ලැජ්ජාවෙන් ඒ ඇස් මගඇරියා.

" ඔයා මාව මැරි කරපු එක ගැන පසුතැවෙනවද හියුන්ග්? " ටේ එයාගෙ ඇස් බිමට බර කරගෙන ඇගිලි එක්ක හරි හරියට ඔට්ටු වෙනවා. එයාගෙ හාර්ට් එක එලියට පනින්න තරම් වේගෙන් ගැහෙනවා. එයාට බයයි ජින්ගෙ උත්තරේ මොකක් වේවිද කියලා. මොකද ටේ දැනටමත් ජින්ට හුඟක් ආදරේ කරන්න පටන් අරන්නෙ.

" නැහැ. ඒත් අපි තාම මැරි කරලා නෑනෙ ටේ. එන්ගේජ්ඩ් උනා විතරනෙ."
කිසිම කලබලයක් නැතුව කිව්ව ජින් දිහා ටේ ඉක්මනින් ඔලුව උස්සලා බැලුවෙ එයාට ඒ ඇහුන දේ හරිද කියලා තහවුරු කරගන්න. එයාගෙ හදවත වේදනාවෙන් පිරෙද්දි එයා බිම බලාගත්තා.

' ඒ කියන්නෙ එයාට මාව මැරි කරන්න ඕන නැද්ද? '

' එයා ඒ කිව්වෙ මැරි කරපු නැති නිසා ප්‍රශ්නයක් නෑ කියලද? ඕනම වෙලාවක මාව දාලා යන්න පුලුවන් කියලද?'

' ඒ කියන්නෙ එයා මට ආදරේ නෑ. ආදරේ නෙමෙයි මං හිතන්නෙ එයා මට කැමතිවත් නැද්ද කොහෙද? '

' මං බොරුවට බලාපොරොත්තු තියන්. මෝඩයා. ඔයා මහ මෝඩයෙක් ටේහියුන්.'

ටේ එයාගෙ සිතුවිලි අස්සෙ හිරවෙලා තමන්ටම බැන ගනිද්දි නොදැනුවත්වම එයාගෙ කටින් ඉකියක් පිටවුනේ අහස දිහා බලන් හිටපු ප්‍රොෆෙසර් ජින්ව කලබල කරලා.

" ටේ? ඔ-ඔයා අඬනවද? ඇයි ඇයි අඬන්නෙ?" ජින් ඉක්මනට ටේ ලඟට තවත් තුරුල් උනා. ටේ එයාගෙ මූන පැත්තකට හරවගත්තෙ එයාගෙ කඳුලු පේන්නන්න ඕන නැති නිසා.

" බබා මෙහෙ බලන්න."

ඒ වචනෙට ටේ පුදුමෙන් එකපාරටම ජින් දිහා බැලුවෙ කඳුලු පිරුණු හීනි ඇස් දෙකත් ලොකු කරගෙන. එයාලා දෙන්න එන්ගේජ්ඩ් වෙලා අවුරුද්දක් පහු වෙලත් ටේ ට කවදාවත් ජින් ඔහොම සොෆ්ට් විදියට කතා කරලා තිබුනෙ නෑ. ඇත්තම කිව්වොත් ඒ දෙන්නා හරියට කතා කරලා නැති තරම්. ජින් යුනිවර්සිටි එකේ වැඩයි කැණීම් වැඩයි එක්ක ගොඩක් බිසී වෙද්දි ටේ එයාගෙ ඩිග්‍රි එක කම්ප්ලීට් කරගන්න කාලය යෙදෙව්වා. පාඩම් කරා. එයා එයාගෙ කම්මැලිකම නැති කරගත්තෙ ජිමින් එක්ක එක එක විකාර කරලා. අඩුම ඒ දෙන්නා මේ අවුරුද්ද පුරාවටම ඩිනර් අවුට් එකකටවත් ගිහින් නෑ.

𝚃𝙷𝙴 𝚆𝙷𝙸𝚃𝙴 𝚂𝙴𝚁𝙿𝙴𝙽𝚃 𝙾𝙵 𝚃𝙷𝙴 𝙼𝙾𝙾𝙽 𝙰𝙽𝙶𝙴𝙻Where stories live. Discover now