🌹 නාදියා..දැන් අඩුයි නේද ??

නාදියා මගේ ඔලුව අතගාන ගමන් අහනකොට මන් ඇස් වහගෙනම ඔව් කියලා ඔලුව වැනුවා..ඇස් ඇරන් ඉන්න තරම් ශක්තියක් ඇගට නැති නිසා මන් ඇස් වහගෙනම හිටියා...මට ඇහුනා අයිශු ඔප්පලා දෙන්නා එක්ක කතා කරනවා..මන් එහෙම්ම ඇස් වහගන්නකොට මට එකපාරටම රූපරාමු ගොඩක් මැවිලා පෙන්න පටන් ගත්තා..ඒත් එක්කම දැනුනා මන් ජිමින් ඔප්පා අතින් මන් කාගේ හරි අතකට මාරු වෙනවා...එයා මාව එහෙම්ම එයාගේ තුරුලට අරගන්නකොට මන් තව ටිකක් එයාගේ උනුහුමට ගුලි වෙලා එයාගේ ශර්ට් එක තදින් අල්ලගත්තා..ඒත් එක්කම මෙච්චර වෙලා මට බොද උන ඡායාවන් ඔක්කොම එකින් එකට මතක් වෙන්න ගත්තේ හිතාගන්න බැරි විදියට...

මන් හිටියේ කාර් එකේ...රෑ වැස්සේ මන් කාර් එකේ තනියම සිංදුවක් දාගෙන ගියේ...මන් අහගෙන ගියේ spring day song එක...ඒක ඇහෙන වාරයක් පාසාම මට අමුතු දුකක් දැනෙනවා...සිංදුව ලියවුනු හේතුව මට සම්බන්ධ නැතත් මට ඒකෙන් ලොකු වේදනාවක් දැනෙනවා...සිංදුව ඉවර උන ගමන් මන් ආයි වෙන එකකට මාරු කරන්න හදනකොටම මන් දැක්කා මගේ ඉස්සරහින් ගිය කාර් එක ට්‍රක් එහෙක හැප්පෙනවා...ඒක කැරකිලා මගේ පැත්තට එනකොටම මන් මගේ කාර් එක හැරෙව්වා..එයාලගේ කාර් එකේ වැදුන ට්‍රක් එක මගේ කාර් එකේ ඩිකියේ වදිනකොට මට බ්‍රේක් නැතුව ගිහින් කාර් එක ගහක වැදුනා..මගේ ඔලුව හයියෙන් ගිහින් වැදිලා ඔලුවෙන් ලේ ගලන්න පටන් ගත්තා..ඇස් බොද වෙලා වගේ දැනෙනකොට මන් එහෙම්ම ඔලුව තියාගෙන හිටියා...එවේලේ මගේ කාර් එකේ taehyung ඔප්පාගේ scenery song එක..එයාගේ කටහඩ කනට ඇහෙනකොට මගේ ඇස් වලින් කදුලු බේරුනේ ඔලුවෙන් දැනුන ලොකු වේදනාවක් නිසාමයි..

( A/ N : ඔයාලා කැමති නම් scenery song එක අහගෙනම දිගටම කියවගෙන යන්න..)

🌸 අනේ නැගිටින්නකෝ...චේබල්...මගේ දරුවා..නැගිටින්නකෝ....

මන් වහන් හිටපු ඇස් හිමීට ඇරියේ මගේ කාර් එකට තට්ටු දදා කවුරු හරි කෑ ගහනවා ඇහුන නිසා..එයා අඩනවා...මන් අමාරුවෙන් ඇස් ඇරලා එයා දිහා බැලුවා...

🌸 චේබල්..අපිට උදව් කරන්න...චේබල්...

එයා මගේ දොර ලග ඉදන් අඩනකොට මන් අමාරුවෙන් කාර් එකේ දොර ඇරගෙන එලියට ආවා..මගේ ඔලුවෙන් බේරෙන ලේ අතින් පිහිදලා මන් එයාගේ ලගට ගියා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now