🥀 1 Chapter 🥀

477 54 2
                                    

Love me again - chapter 1

🥀🥀🥀🥀🥀🥀 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"ම් ඒක ඉවරද ? "

"ඔව් මිස් යූනා "

"දැන් වෙලාව කීයද ? තව වෙලාව තියෙනවද ? "

"තව විනාඩි පහයි "

"හ්ම් හැමෝටම එන්න කියන්න "

ආහ්..ඒකත් හරි..හම්මෝ මයේ කොන්ද ! අලුත් CEO කෝම වෙයිද දන්නෑ..නපුරු වුණොත්...හහ් බලමුකෝ එනකම්..ෂික් මේ මිනිහා එනවා නම් එන්නෙත් නෑ..රෙද්ද චුට්ටක් ඉක්මනට ආවා නම් ප්‍රශ්නයක් නෑනේ

"මිස් යූනා සර් ඇවිත් "

" ඕහ් මම එන්නම් "

දැකලාවත් නැති එකෙක්ගේ ප්‍රයිවට් සෙකට්‍රි වෙනවා කියන්නේ ඉතින් ගැම්ම තමා ! අනික මමමනේ පිලිගන්නත් ඕන..හේ හේ..කියන විදිහට ලස්සනයිලු..ටිකක් නපුරුයිලු..බලමුකෝ අපිත්

මම ගියේ රිසෙප්ෂන් එක ලගට..එතන හිටු ගර්ල් කෙනෙක් ෆ්ලවර් බොකේට් එක මගේ අතට දුන්නේ එයාව පිලිගන්න කියලා..මමත් ඉතින් එයා මොන වගේ ද කියලා බලන්න උඩ පැන පැන හිටියා..තව ටික මොහොතකින් මට ඒ මූණ බලාගන්න හම්බුණා..

එයා ආවා..

ඒත්

ඇයි ඔයාම වුණේ ?

මට සතුටු වෙන්න තිබුණා ඒ ඔයා නොවුන නම් ! ඇයි ආයෙමත් ආවේ ? අවුරුදු පහකට පස්සේ ඇයි ආයෙමත්..එතකොට ඔයාද ඒ..ඔයාද ඒ අලුත් CEO..ඇයි එහෙම වුණේ ? ඔයා මට වෛර කරනවද රත්තරන් ..ඔයාට නොකියාම ආවට..ඒත් ආදරෙයි තාමත් ඒ විදිහටම මම!

මම වෙනදා වගේම වශී වුණ ඒ නිල් ඇස් තාමත් එහෙමමයි..මොහොතකට ඒ මූණට මම වශී වුණා...ඒ ඇස් හැමතැනම කරකවෙන විදිහ දැක්කාම මට හිනාත් යනවා..කියුට්..ඒත් මොහොතකට අපේ ඇස් එකිනෙකට ගැටනකොට ඒ ඇස් ගැස්සෙනවා මම හොදටම දැක්කා

ඒත් ඒ ඇස් මොනවදො මට කියනවා කියලා දැනෙද්දී මම ඔලුව බිමට නමාගෙන එයාව පිලිගත්තා..ඒත් මම පරිස්සම් වුණා කොයිම වෙලාවකවත් ඒ ඇස් දිහා නොබලා ඉන්න..ටික වෙලාවකින් මීටින් එකක් තියලා එයා හැමෝටම එයාව හදුන්වලා දෙන විදිහ මම බලාගෙන හිටියේ හරි ආසාවෙන්..

"තවත් ලස්සන වෙලාද මන්ද යකූ චීමී "

මගේ හිත කෑගහනවා ඒ අස්සෙන්..

Love Me Again ll PJM llWhere stories live. Discover now