අයිශු එහෙම ඇහුවාම මට මතක් උනේ දෝනි එදා හදිසියෙන් දුවගෙන ඇවිල්ලා මට කියවන්න දීලා ගියපු ලිවුම...

" ඒන්ජල් ,
මට ඉස්කෝලේ යන්න බෑ ඒන්ජල්...අප්පාට එක කියන්නකෝ..ඉස්කෝලේ ලමයි මට විහිලු කරනවා..එයාලා කියනවා මට ඔම්මායි අප්පායි නෑ කියලා..මට කතා කරන්න බැරි නිසා ඔම්මායි අප්පායි දාලා ගිහින්ලු...මන් එයාලට ලියලා පෙන්නුවා මට අප්පා ඉන්නවා කියලා..එයාලා කියනවා එහෙනම් අප්පාට එන්න කියන්නලු..මන් දන්නවා ඒන්ජල් අප්පාට එන්න බැහැ කියලා..අප්පව ආන්ටිලා දැක්කාම පස්සෙන් පන්නනවා...ආන්ටිලා අප්පාට කරදර කරයි...ඒ නිසා අප්පා එක්ක මට ඉස්කෝලේ යන්න බැහැ...ජිමිනි සමෝච්චන් කිව්වා අප්පා ගැන කාටවත් කියන්න එපා කියලා..එතකොට අප්පාට එයාලා කරදර කරයිලු..ඒ නිසා මන් අප්පාගේ නමවත් එයාලට කියන්නේ නෑ..මට බෑ අප්පාට ඌවා වෙනවා බලන්න..ආන්ටිලා නෝටි...බබාට පාලුයි ඒන්ජල්...බබාගේ ඔම්මාත් නෑනේ...අප්පා බබාට ගොඩක් ආදරෙයි...ඔම්මා ඕන කිව්වාම අප්පා ගොඩක් අඩනවා...බබා ආස නෑ අප්පා අඩනවා බලන්න...මගේ හැන්ඩ්සම් අප්පා එතකොට කැත වෙනවානේ...ජින් සමෝච්චන් කිව්වා ඇඩුවාම කැත වෙනවා කියලා...මන් අප්පාට ආදරේ නිසා අප්පාගෙන් දැන් ඔම්මා ගැන අහන්නේ නෑ...ඒත් බබාට ඔම්මා ඕන...යාලුවන්ගේ ඔම්මලා එයලව ඉස්කෝලෙට ගෙනත් දාලා උම්මා ගොඩක් දීලා යන්නේ..බබාටත් ඕනේ..බබාට ඔම්මාගේ උම්මා ගොඩක් ඕන...ඒන්ජල්ට පුලුවන් ද බබාට ඔම්මා කෙනෙක් දෙන්න...නෝටි වැඩ නොකර ඉන්න ප්‍රොමිස් වෙනවා...බබාට ඔම්මා කෙනෙක් ඒන්ජල් දෙනකම් බබා ඉස්කෝලේ යන්නේ නෑ..නෑ...නෑමයි "

වචනයක් ගානෙම මට දෝනිගෙන් මාවම පේනකොට මට ඕන උනා දෝනි වෙනුවෙන් දෙයක් කරන්න...දෝනිගේ ඒන්ජලුත් මමම වෙනකොට දෝනිගේ ඒන්ජල් එවන ඔම්මා වෙන්නත් පුලුවන් මටම විතරයි...

අද උදෙත් ඉස්කෝලේ යන්න බැහැ කියලා අඩනකොට මන් ඒන්ජල් එයාට ඔම්මා කෙනෙක් එවනවා කියලා මට කිව්වා කියලායි ඉස්කෝලේ යැව්වේ...ඒත් ඒක වැරදි...මන් කොහොමද පිට කෙනෙක්ගේ දරුවෙක්ට ඔම්මා කෙනෙක් වෙන්නේ.. ඒත් මන් පොඩි කාලේ තනි උනා වගේ ඔයා තනි වෙනවට මන් ආස නෑ දෝනි...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now