මන් කරේ එයාලගේ හීන විනාස කරපු එක..

මට තවත් දරාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...මගේ ඇස්වලින් කදුලු බේරෙනකොට මෙච්චර වෙලා හංගන් හිටපු ඉකිය ටිකෙන් ටික වැඩි වෙනකොට මට ඕන උනේ කෑ ගහලා අඩන්න..මට ඕනේ මගේ දුක නැති වෙනකම් කෑ ගහලා අඩන්න..

ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව නැති වෙනකම් කෑ ගහලා අඩන්න..

ඉතින් මන් ඇඩුවා..මගේ ලග හිටිය කෙනාව ඇදලා අරන් එයාගේ ඉන වටේ අත දාලා බඩට මූන තියාගෙන කෑ ගහලා ඇඩුවා...මගේ කොන්ඩේ අස්සෙන් හීනි ඇගිලි වගයක් යනකොට නුපුරුදු උනුහුමක් එයා ලගින් දැනෙනකොට මන් අඩන ගමන් බැලුවේ මන් කාවද බදන් ඉන්නේ කියලා..

අයේශ්...!!!

ඔව් මන් අයේශ්ව බදාගෙන හිටියේ...මට ඕන උනේ නෑ එයාව ඈත් කරන්න..ඒ නිසා මන් එයාව තව ටිකක් තද කරලා බදාගත්තා..එයාගේ උනුහුම ලග මට ලොකු සැනසීමක් දැනුනා..එයා ලග ඉන්නකොට මට දැනුනේ නායොන්ග් ලග ඉන්නවා වගේ..

ආයේ පාරක් මට මගේ ජෙන්ඩර් එක ප්‍රශ්නයක් වෙනකොට ඕනම දෙයක් වෙච්ච දෙන් කියලා දුක නැති වෙනකම් මන් අයේශ්ව බදාගෙන ඇඩුවා..එයාගේ චූටි ඇගිලි මගේ කෙස් අතරින් ගිහින් මගේ ඔලුව අතගානකොට මට දැනුනේ පුදුම සැනසීමක්..මට දැනුනා මන් අයේශ්ගේ තුරුලෙම නින්ද යනවා කියලා...

ඇගේ වේදනාවටයි හිතේ වෙදනාවටයි ඇඩුව නිසායි මට දැන් නිදිමතයි..වේදනාව අඩු වෙන්න දීපු බෙහෙත් එක්ක තවත් ඇස් ඇරන් ඉන්න බැරි නිසා මන් එහෙම්ම අයේශ්ට තුරුල් වෙලා නිදාගත්ත.

.

.

.

🐰 හ්‍යුන්ගී..ඔයාට දැන් කොහොමද 🥺🥺

මන් නින්දෙන් ඇහැරෙනකොට මන් හිටියේ කුකීගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන...අයේශ් මන් ලග දැන් නෑ කියලා දැනුනාම මට දැනුනේ ලොකු පාලුවක්..තනිකමක්...ඇයි එහෙම දැනෙන්නේ ??

නායොන්ග් මට මේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් කරල දෙනවාද ?? මන් ඔයාට ආදරෙයි නායොන්ග්..

ඒත් ඇයි මට කොල්ලෙක් ගැන මේ වගේ හැගීම් එන්නේ ??

මට පිස්සු හැදීගෙන එනවද කොහෙද ?? එච්චරයි මට අඩු උනේ..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now