නූනා මට රිදෙනවා කියලා කියන්න ඕන උනත් ඕක කිව්වොත් නූනාගෙන් ආයි අහගන්න වෙන නිසා මන් සද්ද නැතුව හිටියා..

නූනා බෙහෙත් දාලා ඉවර උනාට මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ අනිද්දා පර්ෆෝමන්ස් එක ගැන..මට තේරෙන්නේ නෑ මේ කකුල එක්ක මන් කොහොමද නටන්නේ කියලා..ඒත් මට නටන්න ඕන..මේක මගේ හීනේ..

🦄 නූනා..අනිද්දා ටේට ඩාන්ස් කරන්න පුලුවන් ද ??

🌼 එයාගේ කකුල හුගක් ඩැමේජ් වෙලා හොබි..
එයා කොහොමද මෙහෙම ඩාන්ස් කරන්නේ ?? අනිද්දා ඩාන්ස් කරොත් එයාට ආයි ඩාන්ස් කරගන්න බැරි වෙයි..මෙහෙම ඩාන්ස් කරන්න බැහැනේ..

මට තිබ්බ ප්‍රශ්නේ හොබි හ්‍යුන්ග් එහෙම ඇහුවාම නූනාගෙන් ලැබුන උත්තරේ මට නිකන් ඇහුනේ හීනෙන් වගේ..

ඩාන්ස් කරන්න බෑ !! නෑ ඒක හීනයක්..

අවුරුදු ගානක් මන් මේ වෙනුවෙන් බලාගෙන හිටියේ.. කොරෝනා නිසා අපිට පර්ෆෝමන්ස් කරන්න හම්බුනේ නෑ..ඒ නිසා අපි හැමෝම පුලුවන් ඉක්මනට අපිට ආර්මිලා ඉස්සරහ පර්ෆෝමන්ස් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා..

ඒත් මන් දැන් මොකක්ද මේ කරේ...මගේ නොසැලකිල්ල නිසා මන් අපේ හැමෝගෙම හීන විනාස කරා..ගෲප් එකක් විදියට අපි එකට ප්‍රැක්ටිස් කරේ..එකට හැම දේම කරේ...ඒත් දැන් මන් නටන්නේ නැතුව කොහොමද අපි අපේ පර්ෆෝමන්ස් ආර්මිලා ඉස්සරහ කරන්නේ...

ඇයි මටම ?? ඇයි හැම දෙයක්ම මටම වෙන්නේ ??

මන් මොකක්ද කරපු පව..?? මේ තරම් මට දඩුවම් දෙන්න තරම් මන් කරපු පව මොකක්ද ??

ඇයි මන් ආදරේ කරන දේවල් මන් කැමති දේවල් මගෙන් ඈත් කරන්නේ ??

ඇයි මන් නිසා හැමෝටම දුක් විදින්න වෙන්නේ...ඇයි මන් නිසා හැමෝගෙම ඇස්වල කදුලු පිරෙන්නේ..මන් මහ පව්කාරයෙක්..

සැරින් සැරේ කිම් ටේහ්‍යුන් කියන්නේ මහ කාලකන්නියෙක්..පව් කාරයෙක් කියලා මට පෙන්නන්නේ ඇයි...

ඇයි මටම ??

හ්‍යුන්ග්ලාගේ කුකීගේ ජිමින්ගේ ඇස්වල කදුලු දැක්කාම මට මැරෙන්න හිතෙනවා...මන් එයාලගේ හීන එක්ක සෙල්ලම් කරන්නේ..එයාලා හුගක් ආසාවෙන් හිටියේ ගෲප් එක පිටින් ආර්මිලා ඉස්සරහ හුග කාලෙකට පස්සේ පර්ෆෝමන්ස් කරන්න..ඒත් මන් මොකක්ද කරේ ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now