හ්‍යුන්ග් !! ටේ හ්‍යුන්ග්...ඔයා හොදින් ද ??

මගේ සද්දේ ඇහිලාද කොහෙද මට ඇහුනා අයේශ් එලියේ ඉදන් කතා කරනවා..ඒත් මන් කොහොමද එයාට ඇතුලට එන්න කියන්නේ..මන් දැන් ඉන්නේ ඇගේ නූල් පොටක්වත් නැතුව..ටවල් එක ගන්නවත් මට කකුල හොල්ලගන්න බෑ..

අනේ කතා කරන්නකෝ...
මාව බය කරන්න එපා හ්‍යුන්ග් 🥺🥺

🐯 ආහ්...අ..අයේශ් මගේ කකුල...

❤ හ්‍යුන්ග් මොකක්ද උනේ ??

🐯 අයේශ් දොර ඇරන් එන්න..මට කෙලින් වෙන්න බෑ..කකුල පෙරලිලා..ඇ..ඇස් වහන් එන්න..

කරන්නම දෙයක් නැතුව මන් එයාට එන්න කිව්වා.. කොහොමත් එයා කොල්ලෙක්නේ..මට තියෙන ඒවමනේ එයාටත් තියෙන්නේ..ඒ නිසා මන් හිත හදාගෙන එයාට එන්න කිව්වේ මට තවත් නැගිටගන්න බැරි නිසායි..

🐯 අයේශ්..මොකක්ද කරන්නේ...
ඉක්මනට එන්න...මට කෙලින් වෙන්න බෑ...
ඇ..ඇස් වහන් එන්න..

අයේශ් දොරේ ලොක් එක කරකවලාත් ආවෙ නැති නිසා මන් එයාට ආයි එන්න කිව්වේ තව වෙලා හිටියොත් කකුලෙන් ලේ හුගක් යනවා කියලා දන්න නිසාමයි..මන් එහෙම කිව්ව ගමන් ඇස් වහන් එකපාරටම දොර ඇරන් ඇතුලට ආවේ යකෙක් දැක්කා වගේ බය වෙලා දාඩියත් දාගෙන..

පිස්සු කොල්ලෙක්..

🐯 අයේශ් ඔහොම්ම ඇස් වහගෙන ඉස්සරහ තියෙන ටවල් එක මට දෙන්න..

මන් එහෙම කිව්වාම හතර වටේ අත ගානවා ටවල් එක හොයන්න..මේ කොල්ලාගේ වැඩවලට මට කදුලු එක්ක හිනාත් යනවා.

හ්‍යුන්ග් ඔයා කොහෙද ඉන්නේ ??

🐯 අයේශ් ඕක ඔහොම්ම ඉස්සරහට අතාරින්න..
මන් බිම ඉන්නේ..මට කෙලින් වෙන්න බෑ..

කිව්ව විදියටම එයා ඉස්සරහට ඇතෑරියා නෙමෙයි ටවල් එකෙන් මගේ මූනටම දමලා ඇරියා..ටවල් එකත් අරන් හිමීට මන් මගේ අදාල අවයව වහගෙන එයාට කතා කරේ නැගිටින්න උදව්වක් ගන්න හිතාගෙන..

🐯 හරි දැන් ඇස් අරින්න..

දෙයියනේ හ්‍යුන්ග් 🥺🥺

මාව දැක්ක ගමන් ඒ ඇස් වල කදුලු පිරුනා..එයා මන් වෙනුවෙන් අඩනවාද ?? හ්‍යුන්ග්ලායි ජිමින් ,කුකී හැරුනාම මන් වෙනුවෙන් කොල්ලෙක්ගේ ඇස්වල කදුලු පිරෙනවා මන් දැක්කාමයි...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now