V:- යන්න නෙවෙයි..ගිහින් එන්න ඕනෙ..😌

විහගි:- 🙂 මං දැන් යන්නම්.

එසේ කියා V ට තවත් එකදු වචනයක් හෝ පැවසීමට ඉඩ නොතියාම විහගි එතැනින් පිටවී ගියාය.

V:- මගේ තරුව ඉක්මනට මං මගේ ලගට ගන්නවා විහගි. ඒක මං මටම දෙන පොරොන්දුවක්.😌

නැවතත් අහස දෙස බලා එසේ පැවසූ V දිග සුසුමක් හෙලමින් තම වාහනය වෙත ගොස් පිටව ගියේය.

විහගිගේ නවාතැන❤️💫

නිවසට පැමිණි වහාම කිසිවෙකු හා කතා නොකළ විහගි සිය කාමරයට විත් දොරවසාගත්තේ V සහ bts සාමාජිකයන් ලබාදුන් තෑගි කිහිපයද රැගෙනය.

විහගි:- ඔයාගෙ කටින් ඒ වචන ටික අහන්න මාත් හුගාක් කැමැති V. ඒත්...එත්..මං ඒක ඔයාට කියන්න නොදුන්නෙ ඔයාගෙම හොදට..🥺😭
දවසක ඔයා නිදහසේ ඒ දේ කියනකම් මං බලන් ඉන්නම්..💜

එසේ තමාටම කියාගත් ඇය ඉන්පසු bts සාමාජිකයන් දුන් තෑගි හැර බලා අවසානයේ V ලබාදුන් තෑගි මොනවාදැයි කියා එය විවර කර බලන්නට විය. එහි ඉතා අලංකාරයෙන් යුතු විවිධාකාර තෑගි බොහෝමයක් විය.

BTS HOUSE 🏬💜💫

V:- ජිමිනා... ජිමිනා...ඔයා නිදිද...?

Jimin:- අහ් නෑ ටේයොන්ග්හා..ඉන්න මං එනෝ.

එසේ කියමින් පැමිණි ජිමින් ඔහුගේ කාමරයේ දොර විවර කරන ලදි.

Jimin:- හේයී..🤭🤭 මොකෝ අද සෙට් වෙන්නද..😌

ජිමින් එසේ අසන ලද්දේ V ගෙ අතෙහි තිබූ බෝතලය සහ වීදුරු දෙක දුටු නිසාය.🍾🥂

V:- හ්ම්ම්..චුට්ටක්..😁

Jimin:- යමු යමු බැල්කනියට.😉

ඉන්පසු දෙදෙනාම බැල්කනියෙහි අසුන්ගෙන සාදයට මුල පුරන්නට විය.

Jimin:- හරි එහෙනම් දැන් කියමුකො බලන්න මගේ අතිජාත මිත්‍රයාට මට කියන්න තියෙන්නෙ මොනාද කියලා 😌🤷‍♂

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Jimin:- හරි එහෙනම් දැන් කියමුකො බලන්න මගේ අතිජාත මිත්‍රයාට මට කියන්න තියෙන්නෙ මොනාද කියලා 😌🤷‍♂

V:- කියන්න...මොනාද?

Jimin:- හේයී ටේ...ඔයාට බෑ ඔයාගෙ හොදම යාලුවට මුකුත් හංගන්න තේරුණාද? ඔයා මේ විදියට මහ පාන්දරට මාව හොයන් එන්නෙ මොකාක්හරි ලොකු සතුටක් හරි දුකක් හරි ඇති වුණාම.🤷‍♂ ඉතින් කියන්නකෝ මොකෝ සීන් එක.

V:- හ්ම්ම්...අනේ මන්දා ජිමිනා. සතුටු වෙන්නද දුක්වෙන්නද කියලා තේරෙන්නෑ. අමුතු හැගීමක් දැනෙන්නෙ...🤷‍♂

Jimin:- ඇයි අද මොකෝ වුණේ...විහගිගෙ ප්‍රශ්නයක්ද?

V:- ප්‍රශ්නයක්මත් නෙවෙයි...ඒත් මගෙ හිත බරයි වගේ.

Jimin:- කියන්නකො ඉතින්.

ඉන්පසු V විහගි හා වූ කතාබහ සියල්ල අකුරක් නෑර සිය ආත්මීය මිතුරා හා පැවසීය.

Jimin:- එයා කියන්නෙත් ඇත්තනෙ ටේ.

V:- මං දන්නවා ජිමිනා. ඒත් එයාට ආදරෙයි කියන එක නොකියා එයාව ආපහු යවන්න බෑ මට.

Jimin:- වචනෙන් නොකීවට දෙන්නට දෙන්නා ආදරෙයි කියලා උබලා දෙන්නගෙම හිත් දන්නවනෙ මචෝ. ඉතින් කොටින්ම අපි ගැහැණු ආර්ටිස්ට් කෙනෙක් එක්ක කතා කරත් හැදෙන ගොසිප් පේනවනෙ..🤷‍♂ ඒ නිසා විහගි උබයි එයයි දෙන්නම ගැන හිතලා එයා ඒම කියන්න ඇත්තෙ. ආදරෙයි කියලා කීවට පස්සෙත් අපි Disband වෙනකම් මේක රහසක් විදියට තියාගන්න අපි හිතුවත් ඒක අමාරුවෙයි. ඉතින් හොදම දේ ඉතිරි ටිකත් මෙහෙමම ඉදලා Disband වුනාට පස්සෙ හැමෝටම පේන්න එයාව ලබාගන්න එක නේද?

V:- ඔයා හරි ජිමිනා. අපි මේ පාර ඇග්‍රිමන්ට් එක ආයෙ අලුත් නොකරන නිසා අපි Disband වෙනවනෙ කෝමත්. ඊටපස්සෙම එයාව අපේ armyලටත් අදුන්වලා දෙනවා.

Jimin:- ඒත් එතකොට army ලා නෑ ටේහියුන්ග්ෂි 🥺 bts ඉවරවෙනවා කියන්නෙ army fandom එකත් ඉවරයි.

V:- ජිමිනා...අමතකද..නම් නැති වුනාට හිත් එහෙමමයි කියලා🤷‍♂💜 බෑන්ඩ් එකේ නමයි රසිකයන්ගෙ නමයි ආයෙ පාවිච්චි කරන්න බැරිවෙයි. ඒත් එයාලා අපිටත් අපි එයාලටත් දීපු ආදරේ...බැදීම..ඒවා එහෙම්මමනෙ 😌💜

Jimin:- ඔයා හරි ටේ. එයාලා එදාට සතුටුවෙයි එයාලගෙ V, ටේහියුන්ග් විදියට ජීවිතේ පටන්ගන්න එකට😇

V:- හ්ම්ම්.😊 හා ඇති ඇති දැන් යමන් නිදාගන්න. අන්තිමට සහයට එක්ක ආපු බොලාට තමා හොදටම වැඩී. 🍻

Jimin:- යමු යමු...නැත්නම් උදෑසනට ජින් කොල්ලා අපිව නැගිට්ටන්න ගේම පෙරලයි.😂😂

V:- කොල්ලා නෙවෙයි බං අයියා. හා හා වැටෙන් නැතුව යං. නැත්නම් හෙට උදේට කෙසේවෙතත් අද රෑම ගුටි පූජාවක් හම්බ වෙයි. 🤦‍♂

ජිමින්ව ද වත්තම් කරගෙන ගොස් ඔහුව යහනේ නිදිකරවූ V ඉන්පසු තම කාමරය වෙත ගොස් නිදාගන්නට විය.

හත්දින්නත් තරු 💜🌟💫Tempat cerita menjadi hidup. Temukan sekarang