Part 16

90 17 7
                                    

*ගුවන්තොටුපළ*✈️

ගුවන්තොටුපළට පැමිණි විහගි ඇතුළු පිරිස මගබලාගෙන සිටියේ ඇගේ මව පැමිණෙන ගුවන්‍ යානය එනතෙක්‍ ය. අවසානයේ ගුවන්යානය ගුවන්තොටුපළට පැමිණෙන ලදි.

*විහගි:-*  අහ්..අන්න අර එන්නෙ අම්මා...🥰🥰

ඒ ඇගේ සතුටය. ඕනෑම දරුවෙකුට තමන්ගේ මව දුටුවිට ඇතිවන අප්‍රමාණ ප්‍රීතිමත් හැගීම විහගිටත් මේ මොහොතේ නොඅඩුව දැනෙන්නට විය. එනිසා ඇය ඉක්මනින් දිව ගොස් තම මව වැලදගන්නට විය.

*විහගි:-* අම්මා...එහෙනම් ඔයා ආවා නේද...අනේ මට හරිම සතුටුයි. ☺️☺️ දන්නවද...ඔයා නැතුව ජීවත්වෙන්න කොච්චර අමාරුද කියලා මට දැණුනා මේ දවස්ටිකට.

*අම්මා:-* අනේ මටත් එහෙම තමයි මගෙ දූ. ඔයානෙ මගෙ ලෝකෙ. මගෙ මේ පිස්සු කෝච්චිය නැතුව අම්මටත් ඉන්න බෑනෙ. ඔන්න ඉතින් මං ආවා.

*කළමනාකාරතුමා:-* කොහොමද  මැඩම්...? ඔන්න අද ඉදන් නම් මිස් තව ටිකක් සතුටින් ඉදියි අම්මා ඉන්න නිසා.

*අම්මා:-* මං හොදින්  මිස්ටර් දිසානායක. දැන්නම් ඉතින් තවත් හොදින් මෙයාව ආපහු හම්බුණු නිසා.

*විහගි:-* අම්මා, මේ ඉන්නෙ මින්වා. මට මෙහෙන් උදව්වට ලැබුණු කෙනා. ඇත්තටම දැන්නම් එයා මට හොදම යාලුවෙක්.
එතකොට මින්වා...මේ ඉන්නෙ මගෙ අම්මා. මගෙ මුලු ලෝකෙම මෙයා තමයි ඉතින්.

විහගිගේ මැදිහත්වීමෙන් ඇය මව හා මින්වා  එකිනෙකාට හදුන්වා  දුන්නේ තම මව කොරියානු භාෂාවත්, මින්වා සිංහල භාෂාවත් නොදන්නා නිසයි.

*අම්මා:-* හරි..එතකොට දැන් මට කවද්ද අරයව අදුන්වලා දෙන්නෙ..? ☺️

මව විහගිගේ කනට ලංවී ඇසුවේ මුවගේ සිනාවක්ද රදවාගෙනය.

*විහගි:-* (ලැජ්ජාවෙන්) කාවද අම්මා?

*අම්මා:-* දන්නෙම නෑ නේද කවුද කියලා...🤷‍♀️ හා හා ඔහොම යන්කෝ..මාත් දැන් මෙහෙනෙ ඉන්නෙ දුවේ.

☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

ඉන්පසු ඔවුහු ගුවන්තොටුපළේ සිට නිවසට පැමිණියහ.

*BTS* 💜💫

මේ වන විටත් BTS සාමාජිකයන් සියලුදෙනා සිටියේ ඔවුන්ට යෙදී තිබූ සම්මුඛ සාකච්ඡාවේ ය.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now