Part 24

87 17 9
                                    

*සතියකට පසු....*

සියල්ලන්ම කාර්‍යබහුල කරමින් සතියක්ම ගෙවී ගියේ ඇසිපිය හෙලන සැනින්‍ ය. එහෙත් මේ සතිය ඇතුලත V හා විහගි තව තවත් හිත්වලින් ඔවුනොවුන්ට ලං විය.

උදෑසන අවදි වී තම කිරි වීදුරුව පානය කරමින් ම V තම මවට දුරකථන ඇමතුමක් ගන්නා ලදි.

*V:-* හෙලෝ...ඔම්මා...

*මව:-* ඔහ්...ටේහියුග්...මගෙ පුතා, කොහොමද ඔයාට...?

*V:-* මං හොදින් ඔම්මා. ඔම්මලාට කොහොමද? පහුගිය දවස් ටිකේ හොදටම වැඩ ඔම්මා. අනිද්දට concert එකනෙ...ඒකයි කතා කරන්නවත් බැරිවුනේ.
ඉතින්...ඔයා,අප්පා,නංගී,
මල්ලි... ටැනී ඔක්කොමලා හොදින් සනීපෙන් ඉන්නවා නේද? මට ඔයාලව බලන්න ඕනෙ ඔම්මා මං පුලුවන් ඉක්මනට එන්නම්.

*මව:-* අනේ අපි ඔක්කොමලා හොදින් පුතේ. ඔයාගෙ Yeontan නුත් මේ ඉන්නවා. දැන් ඉතින් ඉස්සර වගේ වැඩිය දග නෑ...එයත් දැන් සෑහෙන්න වයසයිනෙ ඔය හිටියට.🐶

මේ අතර V ගෙ නැගණිය ද දුරකථන අසලට පැමිණෙයි.

*නංගි:-* කවුද ඔම්මා කතා කරන්නෙ? හියුන්ග්ද?

*මව:-* හ්ම්ම්.

*නංගී:-* ඕහ්..ඔප්පා...කොහොමද ඉතින්....අනේ අනේ මිලියන ගානක් කෙල්ලො මෙයාව එක තත්පරේකට දැකගන්න හීන දකිනවා..ඒකට මොකද එක කුස උපන් නංගිවෙච්ච් මංවත් අවුරුද්දකින් විතර ඔය මූණ ඩිංගක් දැකලා නෑ.😒😔

*V:-* අනේ පැටියො..මේ අහන්නකො ඉතින්. ඔයා දන්නවනෙ මං පුලුවන් වෙච්චි ගමන් ගෙදර එනවා කියලා. ම්ම්ම්..... ඔයාලා ඔක්කොමලා එකට ඉදලත් ඔච්චර පාලුයිනම් හිතන්නකෝ ඔයාලා කවුරුත් නැතුව මෙහෙ ඉන්න මට ඔයාලව කොච්චර මතක් වෙනවා ඇතිද කියලා....🤷‍♂

*නංගි:-* අනේ අයියේ...මං කටට ආවට ඒක කිව්වෙ. ඔයා දන්නවනෙ ඉතින් මගෙ බ්‍රේක් නැති කට🤐 ඒවා හිතන්න එපා. ඔයා පුලුවන් ඉක්මනට එන්නකො හොදේ. අපි බලාන ඉන්නවා. නේද ඔම්මා?

*මව:-* ඔව් මගෙ පුතේ... ඔයාව දකින්න ගොඩාක් ආසයි.🥺
මෙන්න Yeontan නුත් මෙතන ඉදගෙන අහගෙන ඉන්නෙ.මොනාහරි එයාටත් කියන්නකො.

එසේ කියා V ගෙ මව... Vගෙ කටහඩ ඇසී තම දෙපා අසල සතුටින් හා නොයිවසිල්ලෙන් දගලමින් සිටි V ගෙ ආදරණීය සුරතලා වූ Yeontan වෙතට දුරකථනය ලං කරන්නට විය.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now