01st Shadow

345 41 16
                                    

"යාහ් තමුන්ලා මෙහෙම ද ඔෆිස් එකක වැඩ කරන්නෙ ආ.. මං තමුන්ලට පඩි ගෙවන්නේ මේ වගේ බාගෙට වැඩ කරන්න ද?"

"මි මියානේ ස සර්"

"මියානේ? සමාව ඉල්ලුවම ඔක්කොම හරි ද? බලනවා මේ කොලවල කිසි පිලිවෙලක් තියෙනවා ද? ශිට්! අනිත් එක මං ඉල්ලුවෙ මාස තුනක වයින් ගැන විස්තර කෝ මෙතන මාස තුනක ඒවා තියෙනවා ද ආ? උත්තර දෙනවා ඉතිං වේ තමුසෙ ගෙ කට වැහිලා?"

" ස සර් ම මං"

"යනවා ගිහිං ආයෙ හදනවා මං තමුන්ට එක පැයක් දෙන්නම් හරියට වැඩේ කරනවා නැත්තං රෙසිග්නේශන් එක අරගෙන තමුන්ට යන්න පුළුවන්!"

අතේ තිබුණු ෆයිල් එක කෙල්ලගෙ අතට විසි කරපු ජින් ආයෙමත් අතේ තිබුණු ටැබ් එකට ඇස් යවනකොට තිබුණු බයට ම කෙල්ලට ෆයිල් එක අල්ල ගන්න බැරි වෙනකොට කැබින් එක පුරා කොල සීසීකඩ විසි උනා..

ක්නොක් ක්නොක්

දෙපාරක් ක්නොක් කරලා කැබින් එක ඇතුලට ආපු ටේයොන්ගෙ ඇස් නතර උනේ දණ ගහගෙන කොල අහුලන කෙල්ලව ලඟ.. ටේයොන්ගෙ සද්දෙත් එක්ක කෙල්ල හැරිලා දොර දිහා බලනකොට කෙල්ලගෙ මූණෙ තිබුණෙ අසරණ උනු බවක්.. ඒත් ඒ ගැන කිසි තැකීමක් නොකරපු ටේයොන් සෝෆා එකෙන් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තෙ කෙල්ල දිහාත් ජින් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.. 

"තමුසෙ ඕක ඉක්මනට අහුලගෙන යනව ද?"

ආයෙමත් කෙල්ලට සැර කරපු ජින් ටැබ් එක ඕෆ් කරලා මේසෙ උඩින් තියනකොට  කෙල්ලත් අමාරුවෙන් එකතු කර ගත්තු කොල ටික ෆයිල් එකට දාගෙන ෆයිල් එක පපුවට තද කරගෙන ජින්ටත් ටේයොන්ටත් ආචාර කරලා කැබින් එකෙන් එලියට ගියා..

"මොකද හ්යොන්ග් උනේ?"

" මුං මගෙ යකා අවුස්සනවා බං.. හරියට වැඩක් කරගන්න බෑ ඒ උනාට මූණෙ පිටි හත්තට්ටුවක් උලාගෙන තොල් දෙකත් ලේ පාට කරගෙන කොටට එකේ සාය කෑල්ලක් ඇදන් වන වන එන්න නං පුලුවන්.. ශිට්! "

ජින් කියපු දේට කට කොනින් යන්තම් හිනා උනු ටේයොන් සෝෆා එකෙන් නැගිටලා ජින් ඉස්සරහට ගිහින් අත් දෙක පිටිපස්සට බැඳගෙන පහසුවෙන් හිටගත්තා..

Black Shadow season 2|| KSJ||Donde viven las historias. Descúbrelo ahora