කට්ටියම දුවගෙන ඇවිල්ලා නතර උනේ ලොකු ගල්තලාවක් ලග..ටේහ්‍යුන්ට මේ පරිසරය හුගක් හුරුයි..මොකද චූටි කාලේ ටේහ්‍යුන් ගොඩක් වෙලේට තනියම මෙතනට එන නිසා..

ජන්ග්කුක්ගේ කරදරේ ඉවසගන්නම බැරි තැන යූන්ගි ජිමින් එක්ක ගල් තලාවේ නතර වෙනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්වත් ඇදගෙන ගියේ ගල් තලාවෙන් ටිකක් ඈතට..

🐯 බනි අ...අපි මෙතනින් යමු..

ඇතුලට යන්න යන්න අමතක කරපු සමහර සිදුවීම් මතක් වෙනකොට ටේහ්‍යුන්ට කැලේ ඇතුලට තව යන්න බය හිතුනා..මුලු කැලේම එයාගේ වටේ කැරකෙනවා වගේ හැගීමක් එනකොට ටේහ්‍යුන්ට තේරුනා එයා වෙනස් වෙන්න යන්නේ කියලා..ඒ නිසාම එයා ඊට කලින් ජන්ග්කුක්ට යමු කිව්වාත් ජන්ග්කුක්ගේ මුරන්ඩුකම් වල නම් අඩුවක් තිබ්බේ නෑ..

🐰 අනී හබී...මට තව යන්න ඕන...

🐯 ආහ්..කියන දේ අහන්න බනී

🐰 අනී..මට බෑ කිව්වානේ..

🐯 කියන දේ අහනවා ෆකින් කිම් ජන්ග්කුක්

එයා ටික ටික ටේටේ වෙනවා වගේ දැනෙනකොට ටේහ්‍යුන් වෙනස් උනොත් යූන්ගි, ජිමින් දෙන්නාත් නැතුව ජන්ග්කුක්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන නිසා ටේහ්‍යුන් හුග කාලෙකට පස්සේ ජන්ග්කුක්ට සැරෙන් කතා කරා..ඒත් ඒකෙන් උනේ ජන්ග්කුක්ගේ බෝල ඇස් වල කදුලු පිරුන එක..ජන්ග්කුක්ගේ ඇස් දිහා බලාගෙන කරපු දේට සමාව ඉල්ලන්න හැදුවත් ඔලුවේ එක එක දේවල් මැවිලා පේනකොට ටේහ්‍යුන් ඔලුව අල්ලන් පහත් උනා..

🐯 ආහ්හ්හ්....

ටේහ්‍යුන් එකපාරටම ඔලුව අල්ලන් පහත් වෙනකොට ජන්ග්කුක් හොදටම බය වෙලා ටේහ්‍යුන් ලගට ආවේ ඇස් වල කදුලු පුරෝගෙන..

🐰 හබී..ඇයි මේ ??
අනේ හබී...කතා කරන්නකෝ...
හබී...

ටේහ්‍යුන්ව තමන්ගේ තුරුලට අරන් ජන්ග්කුක් අඩනකොට ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්ගේ උනුහුමේ ටිකක් වෙලා හිටියා..

🐯 කුකී...

ටේහ්‍යුන් කුකි කියලා කියනකොටම ජන්ග්කුක්ට තේරුනා දැන් ඉන්නේ එයාගේ හබී නෙමෙයි කියලා.. ඒත් ටේහ්‍යුන් බය වෙන්න තරම් මෙතන මොකක්ද උනේ කියලා ජන්ග්කුක්ට හිතාගන්න බැරි උනා.. ටේහ්‍යුන් මේ හුග කාලෙකට පස්සේ වෙනස් උනේ.. හැමෝම හිතුවේ දැන් ටේහ්‍යුන්ට හොද වෙලා කියලා උනත් ටේහ්‍යුන්ගේ හිතේ තාමත් බයක් තියෙනවා කියලා අද ජන්ග්කුක්ට තේරුනා.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now