ඉස්සරහට එන හැම ඩීමන් කෙනෙක්ම පුච්චලා දාන අතරේ ජන්ග්කුක්ගේ නිල් ගින්දර නිසා මුලු සිරමැදුරම ඒ වෙනකොටත් ගිනි ගන්න පටන් අරන් තිබ්බේ..ජන්ග්කුක්ගේ බලය එන්න එන්නම දුර්වල වෙනකොට එයාගේ නහයෙන් ලේ එන්න පටන් අරන් තිබ්බා..

🐥 කුක්..දැන් ඇති...අපි එලියට යමු...

ජිමින් ජන්ග්කුක්ව අල්ලන ගමන් කියනකොට ජන්ග්කුක් එකපාරටම ජිමින්ගේ දිහා බලලා සිහිය නැතුව ජිමින්ගේ ඇග උඩට වැටුනා..

🍂 කූ...කූ...අනේ ඔප්පා කූ...🥺🥺

🐥 කුක්...නැගිටින්නකෝ...
අනේ පැටියෝ නැගිටින්නකෝ...
චිම්ව බය කරන්න එපා..

ජිමින් ,යුන්හි දෙන්නා ගින්දර අස්සේ ජන්ග්කුකව බදාගෙන කෑ ගහන්න පටන් ගත්තාත් ජන්ග්කුක් අසිහියෙන් වගේ මිමිනුවේ එයාගේ එන්ජල්ගේ නම විතරයි.

🐰 එ..ඒන්ජ..ල්...

එවෙලේ තමයි ජිමින්ටයි යුන්හිටයි මතක් උනේ ටේහ්‍යුන් තාම ඇතුලේ කියලා..

🍂 ඔප්පා..අර ලමයා ඇතුලෙ..මන් එයාව එක්කගෙන එන්නම්...

🐥 අනී...යුන්හියා...ඔයාට යන්න බෑ...
එතන ඩාර්ක්ලෝඩ් ඇති...

🍂 එයාලා කවුරුත් නෑ ඔප්පා..එහෙම හිටියා නම් එයාලා මැරිලා ඇති...මෙතන ගිනිගන්නවානේ...
මන් එයාව එක්කගෙන එන්නම්..

🐥 එපා යුන්හී..මට බයයි ඔයාව දාලා යන්න..

🐰 එ..ඒ..න්..ජ..ල්...

ජන්ග්කුක් අසිහියෙන් ආයි ටේහ්‍යුන්ගේ නම මුමුනනකොට තවත් යුන්හිට බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බේ නෑ..

🍂 ඔප්පා..ඔයා කූව එක්කන් එලියට යන්න..
මන් එයාව අරන් යන්නම්..

🐥 එපා..යුන්හි යන්න එපා..මන් යන්නම්...

ජිමින් කොච්චර කෑ ගැහුවත් යුන්හි ගින්දර අස්සෙන්ම ටේහ්‍යුන් පැත්තට දුවලා ඉවරයි..ජිමින්ට වෙන කරන්නම දෙයක් නැතුව කුක්ව අමාරුවෙන් උස්සගෙන...අපි කියමු ඇදගෙන කියලා..ජිමින් කියන්නේත් චූටි දරුවෙක්නේ..කොහොම හරි එයා ගිනි ගන්න සිරකුටියෙන් ජන්ග්කුක්ව එලියට ගන්නවාත් එක්කම නොහිතපු විදියට මුලු සිරකුටියම එකපාරටම පුපුරලා ගියේ ජන්කුක්වයි ජිමින්වයි ඈතට විසික් කරලා...

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now