එහෙම කියාලා ජන්ග්කුක් යුන්හිවයි ,ජිමින්වයි හොයන්න පටන් ගත්තා..කොල්ලා හිමීට ඇවිද ඇවිද හොයනකොට කැලෑවේ ලස්සන සමනලයෙක් ඉන්නවා දැක්කේ..ජිමින්වයි , යුන්හිවයි හොයන එක පැත්තකින් තියලා ජන්ග්කුක් සමනලයා පස්සෙන් දුවන්න පටන් ගත්තා..සමනලයා අන්තිමට ගිහින් නතර උනේ ලස්සන ඇල්ලක් ලග..ඇල්ල දැකලා කටත් ඇරන් බලන් හිටපු ජන්ග්කුක්ගේ කට තවත් ඇරුනේ ඇල්ල ලග තියෙන ගල උඩ රන් පිහාටුත් දික් කරන් වාඩි වෙලා ඉන්න ලස්සන කුමාරයෙක් වගේ කොල්ලා නිසායි.

🐰 වාහ්...ඒන්ජල් කෙනෙක්...
හ්‍යුන්ගී කියලා දුන්න කතාවේ ඒන්ජල් කෙනෙක්..
ශෝයි...ශෝයි...
ඇත්‍ත ඒන්ජල් කෙනෙක්...

සතුටින් කෑ ගහ ගහ උඩ පැන පැන ජන්ග්කුක් ඒ පුංචි පිරිමි ලමයා ලගට ගියා..ඒ කොල්ලාත් ජන්ග්කුක් දැකලා ඇසුත් ලොකු කරන් බලන් හිටියේ මේ කැලේට මීට කලින් කිසිම කෙනෙක් ඇවිල්ලා නැති නිසායි.

🐯 ඔ..ඔයා කවුද ??

එතන හිටියේ ටේහ්‍යුන්..මේක එයාගේ පුරුද්දක්.. හැමදාම යූන්ගිටයි මේඩ්ලටයි හොරෙන් ඇල්ල ලගට එන ටේහ්‍යුන් තනිකම නැති කරගත්තේ ඇල්ලත් එක්ක කැලේ ඉන්න චූටි සත්තු එක්ක කතා කරලා..ඉතින් මේ කැලේ පුංචි ලමයෙක් ඉන්නවා දැක්කාම ටේහ්‍යුන්ට කියාගන්න බැරි තරම් සතුටක් ආවේ..හැබැයි ඉතින් ටේහ්‍යුන් නම් හිතුවේ මේ කෙල්ලෙක් කියලා.

🐰 ඔයා ඒන්ජල් කෙනෙක් නේද ??

🐯 මේ මන් ?? අනි..මන් ඒන්ජල් කෙනෙක් නෙමෙයි.. ඔයා නම් හා පැටියෙක් වගේ..

ටේහ්‍යුන් හිනා වෙලා කිව්වාම ජන්ග්කුක් ඇසුත් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.

🐰 ඒ උනාට ඔයා ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනයි..

🐯 චින්චා...මට කවුරුත් කියලා නෑ මන් ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනයි කියලා..

🐰 මෝ ?? චින්චා ??

🐯 හ්ම්..දේ...ඔයාගේ නම මොකක්ද ??

ටේහ්‍යුන් එහෙම ඇහුවම ජන්ග්කුක් කිසිම උත්තරයක් නොදී බිම බලාගත්තා..මොකද ජිමින්ට එයා පොරොන්දු උනානේ කිසිම කෙනෙක්ට නම කියන්නේ නෑ කියලා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now