ජන්කුක් එහෙම කියද්දි ටික වෙලාවක් කිසිම සද්දයක් නැතුව තිබිලා කාමරේ දොර ඇරුනේ තොලුත් හපන් මූණත් නොරොක් කරගෙන බිම බලාගෙන බෙයා ඇදුම ඇදගෙන හිටපු ටේහ්‍යුන්ග්ව දැකලා ජන්කුක්ට සමච්චලයට වගේ හිනාවක් යද්දි.

"හිනාවෙන්න එපා..."

ටේහ්‍යුන්ග් බිම බලාගෙනම ලැජ්ජාවෙන් එහෙම කියද්දි උගුර පාදලා සීරියස් මූඩ් එකක් හරි අමාරුවෙන් හදාගත්තු ජන්කුක් ටේහ්‍යුන්ගේ අතින් අල්ලගෙන පහළට ගියා.

ටේහ්‍යුන්ග් ජන්කුක් දෙන්නම පහළට එනවා දැකපු පොප් කෝන් එකක් කන ගමන් ටීවි එක ඉස්සරහ වාඩි වෙලා හිටපු ජිමින් නැගිට්ටේ ඇහි බැමක් උස්සලා එයාලා දිහා බලලා.

"කොහේහරි යන්නද....."

"ඔව් ජිමින්... ඔයත් එන්න..."

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි දෑස් විසල් වුන ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලලා කතා කරා.....

"ඒ මොකටද....ඔයා ඕනේ නෑ...ටේගේ ගෙදරට ටිකක් ගිහින් එන්න යන්නේ....මැන්ශන් එකේ කවුරුත් නැති නිසා ඔයා ඉන්න...."

ජන්කුක් එහෙම කියද්දි ජිමින් නොරුස්සන බැල්මකින් බැලුවේ ටේහ්‍යුන්ග් එකපාරටම තෘප්තිමත්ව හිනාවෙලා ජන්කුක්ගේ අත හොල්ල හොල්ල කතා කරද්දි.

"ඇත්තමද?...... ඔම්මලව බලන්න යනෝද?........"

"ටේ....ඔයා දැන් කියන්න එපා කොහෙද යන්නේ කියලවත් දන්නැතුව ඔයා මෙයත් එක්ක යන්න හැදුවේ කියලා......."

ටේහ්‍යුන්ග් කිය කිය ඉන්න අතරතුරේ ජිමින් එහෙම අහද්දි ටේහ්‍යුන්ගේ හිනාව  නැතිවෙලා බිම බලාගත්තේ ජිමින්ට සේරම තේරෙද්දි.

"ටේ!... එයා ඔයාට කරදරයක් කරන්න එක්කගෙන ගියානම් එහෙම...ආහ්?...."

ජිමින් ටිකක් තදින් ටේහ්‍යුන්ගෙන් එහෙම අහද්දි මේ මොකෙක්ද මේ කියන්න වගේ බලන් හිටපු ජන්කුක්....

"මමයි.........එයාගේ.....ප්‍රයිවට්......බොඩිගාඩ්....."

ජන්කුක් වචනෙන් වචනේ එහෙම කියලා නවත්තද්දි ආපහු අඩියක් ඉස්සරහට ආපු ජිමින්.....

"යැයි යැයි තමා....බොඩිගාඩ් කියන දේ නෙවෙයි ටේ කරන්න ඕනේ....ටේ කියන දේ ඔයා කරන්න ඕනේ...."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now