🐯 කුකි..ඔය පස්ස මන් ඉස්සරහ වැනුවට කමක් නෑ..වෙන අය ඉස්සරහ නම් ඔහොම වනන්න එපා..

ජන්ග්කුක්ගේ කන ලගට කරලා ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු උනා..ඇස් දෙකත් බෝල කරගෙන තාම හෙල්ලෙන්නේ නැතුව ඉන්නව දැක්කාම ටේහ්‍යුන් හිනා වෙලා කොල්ලාව එයාගේ පැත්තට හරව ගත්තා..

🐯 ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ...කන්න හිතෙනවා..

🐰 මන් ද ??

🐯 දේ...

ටේහ්‍යුන් එහෙම කියලා ජන්ග්කුක් බෝල කරන් බලන් ඉන්න එයාගේ ඇස් දෙකටයි තොල් වලටයි පොඩි පොඩි හාදු තියන් ගියා..ජන්ග්කුක් දැනෙන කිතියට එහෙට මෙහෙට ඇඹරෙන්න පටන් ගත්තේ හුරතලේට හිනා වෙවී..

🐯 අම්මෝ මෙයාගේ හුරතලේ...ඉස්සර මාව මරන් කන්න හදන කොල්ලාම ද කියලා හිතාගන්නත් බෑ..

🐰 එහෙම තමා...මන් හුරතල් වෙන්නේ මන් ආදරේ අය එක්ක විතරයි...අනිත් අයට මන් වසයි...

🐯 දේ..දේ එවිල් බනිනේ ඔයා මගේ..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කම්මුල් මිරික මිරික කියනකොට කොල්ලා පොඩි එකෙක් වගෙ හිනා උනා..

🐯 කෝ දැන් හදලා ඉවරද ??

🐰 හැදුවා...රසද දන්නේ නෑ...බලන්නකෝ...

කොල්ලා හැදුවට මොකද තාම රසවත් බලලා තිබ්බේ නෑ...ටේහ්‍යුන් හැන්දක් අරන් ස්ට්‍රෝබෙරි මිල්ක්ශෙක් එකේ රස බලලා ආයි කටේ තිබ්බ ටික එහෙම්ම සින්ක් එකට හැලුවා..

🐰 රස නැද්ද අයියෝ...

ජන්ග්කුක් ඇස්වල කදුලු පුරෝගෙන එහෙම අහනකොට ටේහ්‍යුන්ට හුගක් දුක හිතුනා..ජන්ග්කුක්ගේ කදුලු පිරුනු බෝල ඇස් දිහා බලාගෙන මුකුත්ම කියන්නත් බෑ..ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක තනිකරම ලුණු රහයි..ඕක කිව්වොත් ජන්ග්කුක් ආයි අඩන්න ගනිවි කියන බයට ටේහ්‍යුන් බොරුවක් කියන්න හිතුවා..

🐯 අනි...ඒක හුගක් රසයි..

🐰 එහෙනම් විසික් කරේ..

🐯 ආහ් මේ විසික් කරේ ඒකේ ස්ට්‍රෝබෙරි වල ඇටයක් තිබ්බා..ඒකයි...

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now