ටේහ්‍යුන් බේරෙන කදුලු හන්ගන්න මූන පහත් කරගෙනම ඔව් කියලා ඔලුව වැනුවම ආරා හිමීට ටේහ්‍යුන්ගේ ඔලුව උස්සලා ඒ ඇස්වල බේරෙන කදුලු අත් දෙකෙන්ම පිහිදැම්මා..

🦋 මේ ලෝකේ හැම කෙනාම 100%ක් නිවැරැදි නෑ..අපේ අතින් වැරැදි වෙනවා..හැබැයි දඩුවමක් නැතුවම සමාව ලැබුනම ඒක තවත් ලොකු වේදනාවක්...ඒකට තමා පසුතැවිල්ල කියන්නේ....

🐯 න්..නූනා 🥺🥺

🦋 එයාට පුලුවන් තරම් ආදරේ දෙන්න..
ඔයයි එයයි එක වයසේ උනාට කුක් හරිම ලාමකයි ටේහ්‍යුනා..එයා තාමත් හැසිරෙන්නේ පොඩි ලමයෙක් වගේ...කුක් දග වැඩ කරනවා තමයි..ඒත් එයාව තේරුම් ගන්න බලන්න ටේහ්‍යුනා..මන් දන්නවා මගේ ටේහ්‍යුන් ඒකට දක්ෂයි කියලා..
ඔයාට පුලුවන් නේද එයාව අපි බලාගත්තා වගේ මලක් වගේ පරිස්සමින් බලාගන්න...

🐯 ද්..දේ...
ම..මන් එයාව බලාගන්නම්..
මට සමාවෙන්න නූනා...මන් නිසා එයා හුගක් විදෙව්වා..මන් කොච්චර නපුරුකම් කරත් එයා මට මුකුත්ම කිව්වේ නෑ...මන් එයාට රිද්දුවත් මන් අසනීප වෙලා ඉන්නකොට එයා මාව බලාගත්තා.. මන් හුගක් වැරැදි නූනා...
මට සමාවෙන්න...

ටේහ්‍යුන් ඇස්වල කදුලු පුරවගෙන කතාකරනකොට ජූන්,හොබි, දේරි රැජින ( ටේගේ ඔම්මා ) ටේහ්‍යුන් දිහා බලගෙන හිටියේ ඇස්වල කදුලු පුරෝගෙන වගේම පුදුමයෙන්..ටේහ්‍යුන් වගේ මුරන්ඩු කෙනෙක් ලේසියෙන් කාගෙන්වත් සමාවක් ගන්නේ නැති කෙනෙක් ලේසියෙන් අඩන්නේ නැති කෙනෙක් මෙහෙම වෙනස් වෙලා ඉන්නකොට පුදුම හිතෙන්නේ නැද්ද...

🐹 ටේහ්‍යුන් ඔයා කරපුවා පිලිගත්තාට සමාව ගත්තාට ඒවා වෙනස් වෙන්නෙ නෑ...
ඔයාට මේ කරපු දේට දඩුවමක් දෙන්න ඕන..
මගෙ මල්ලිව මන් ඇස්වලට එක කදුලක් එන්නෙ නැතුව බලාගත්තේ...

ජින් ටිකක් සැරෙන් කිව්වාම කට්ටියම බය උනා.. මොකද ජින් කියන්නේ තමන්ගේ මල්ලි වෙනුවෙන් පන උනත් දෙන කෙනෙක්..ඉතින් ටේහ්‍යුන් එයාගේ පන වගේ ආදරේ කරපු එයාගේ මල්ලිව රිද්දපු එකට ජින් නිකන් ඉදිවි කියලා කොහොමටත් හිතන්න බෑ..

🐥🐱🐨🦄 ජින් හ්‍යුන්ග් 🥺🥺

Queen jeon : පුතා..එයා එයාගේ වැරැද්ද පිලිගත්තානේ..ඒ නිසා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now