*විහගිගේ නවාතැන*❤️💫

නිවසේ විදුලි සීනුව නාදවන විට විහගි ඉක්මනින් දොර අසලට දිව ගියේ මින්වාගේ පැමිණීම අපේක්ෂාවෙනි.
සිතූ ලෙසම පැමිණ සිටියේ මින්වා ය.

*විහගි:-* අනේ මින්වා..🫂🫂 මං ඒත් හිතුවෙ නෑ කිව්වට ඔයා උදෙන්ම එයි කියලා.😁

*මින්වා:-* මං දන්නවනෙ මිස් උදේ ඉදන්ම බලාගෙන ඉන්නවා කියලා. ඔන්න මං ඒ නිසා උදෙන්ම ආවා. දැන්වත් කියන්නකෝ මොකක්ද අර හෙට තියෙන විශේෂත්වෙ..🤷‍♀️

*විහගි:-* මාව බලනවට වඩා කෙල්ලට වුවමනාව තිබිලා තියෙන්නෙ ඒක දැනගන්න වගේ🤭🤭

*මින්වා:-* අනේ මිස් ඉතින්...අගේ නොකර කියන්නකෝ. නැත්නම් මං මැඩම්ගෙන් ම අහගන්නම්කො.

*විහගි:-* හරි හරී..කියන්නම්කෝ..මේකයි,හෙට මගේ birthday එක🙈🙈

*මින්වා:-* අනේ..ඔය ඇත්තමද මිස්.😳 මට නිකමටවත් කීවෙ නෑනේ 🤕

*විහගි:-* හරි ළමයෝ..ඒකනෙ දැන් කීවෙ.😌

*මින්වා:-*  ඒ වුනාට...🤷‍♀️

*විහගි:-* හරි හරි මේ අහන්නකෝ...දැන් අපි හෙට ෂූටින් යනකොට එතන ඉන්න අයට මොනාහරි අරං යන්න ඕනි. එයාලා මගෙ birthday එක දන්නෙ නැති වුනාට මං මුකුත් නොගෙනයන එක මගෙ හිතට හරි නෑ අනේ. ඒ නිසා ඔයා මට මෙහෙ තියෙන හොද කෑම වර්ග තියෙන තැනක් කියන්නකෝ කෑම ටිකක් ඕඩර් කරන්න.

*මින්වා:-* හරි මිස්. අපි දවල්වෙලා ඒ වගේ තැන් දෙකතුනකටම ගිහින් බලමු.

*විහගි:-* හ්ම්ම්...හරි දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ.  අද විශේෂ ශ්‍රී ලංකන් කෑමක් තියෙනවා ඔයා වෙනුවෙන්ම😌🤭

*මින්වා:-* ෂෝක්නෙ මිස්..😁😁 මං ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්. අහ් මේ මෙන්න මේක මිස්ටයි මැඩම්ටයි. අපේ ඔම්මා දුන්නෙ. කාලා බලන්නකො රසද කියලා.

*විහගි:-* අනේ හරිම රස පාටයි. Thanks මින්වා 🤤🤤
......................................................................

මේ අතර Vmin මිතුරන් නොයෙක් වර්ගයේ තෑගිවලින් සමන්විත සුපිරි වෙළෙඳසැලෙහි කුමක් මිළදීගන්නදැයි සිතමින් අතරමං වී ඇත.

*V:-* අඩ්ඩෙහ් ජිමිනා..මගෙ ඔලුවත් එක්ක විකාරවෙලා වගේ බම්.🙆‍♂ මොනවා ගන්නද කියලා හිතාගන්න බෑ. ජුවලරි ගන්නද... ඇදුම් ගන්න ද...නැත්නම් වෙන මොනාහරි ගන්නද...මට පිස්සු වගේ..🤷‍♂

*Jimin:-* මටත් එහෙමයි තේහියුන්ග්හා...ඇයි යකූ... කවදා කියලා කෙල්ලන්ට තෑගි තෝරලාද...🤷‍♂ මේ අමාරුවෙ වැටෙන නිසාමයි මං අපේ අම්මට තෑග්ගක් අරං දෙද්දිත් ගොඩක් වෙලාවට එයාවම එක්කන් එන්නෙත්....🤦‍♂️🤦‍♂

*V:-* බොලා වෙනුවට මට තිබුණේ හියුන්ග් කෙනෙක් එක්කන් එන්න. එහෙම වුනානම් මට වැදගත් උපදෙසක් හරි ගන්න තිබුනා🙆‍♂🙆‍♂

*Jimin:-* අහ්.. ඒකත් එහෙමද Mr. Taehyung.  මතක තියාගන්නවා මාත් තමුන්ගෙ හියුන්ග් කෙනෙක් තමයි.  මං ඔයැයිට වඩා මාස දෙකකටත් වඩා වැඩිමහල් හරිද.😌

*V:-*  අහ්....ඒ වුනාට මට වඩා කොටයිනෙ😌😁

*Jimin:-*  Taehyung-haaa😬😩😩

*V:-*  😂😂😂 හරි හරි පැටියෝ...සන්සුන් වෙන්නකෝ මගෙ ෂුදු ජිමින් කොම්ලා... එන්න මං ඔයාටත් මොනාහරි අරං දෙන්නම්.😋

*Jimin:-* ආන්න ඒකනම් හොද අදහස..😌

කෙසේ හෝ විහිලුවෙන් තහලුවෙන් අවසානයේ  මිතුරන්  දෙදෙනා විහගිට පමණක් නොව, තම අනෙක් මිතුරන් පස්දෙනාටත්, තමන් දෙදෙනාටත් සියල්ලන්ටම තෑගි බෝග මිලදී ගෙන නිවස කරා පැමිණියේ අපමණ සතුටකිණි.






ඊලඟට Surprise birthday party එකේදි හම්බවෙමු ළමායී...🙋🙋

Party party yeah....🙈🙈

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now