ටේටේ දවසක් මගෙ චිත්‍රයක් ඇන්දා චිත්‍රෙ ඇදලා ඉවර වෙද්දි කොලේට වඩා තීන්ත ප්‍රමානයක් එයාගේ ඇගේ ගෑවිලා තිබුනා..

එයා මේ කාලේ පොඩිම පොඩි බබෙක් වගේ...

ටේටේට රෑට රෑට මොනාහරි කන්න ඕනි නිසා ජින් හියුන්ග් එක එක කෑම හදලා ෆ්‍රිජ් එකෙන් දාලා තීනවා..

අහ් මේ ලගදී ටේටේට හරි වැඩේනේ වෙන්න ගියේ..

ජින් හියුන්ග් ටේටේට කියලා සෝෆා එක උඩ නිදන් ඉන්න සුගා හියුන්ග්ට කන්න එන්න කියන්න කියලා..

මොකද එයා දවල් අපි කාපුවෙලේ කන්න ගෙදර හිටියේ නෑනේ..

ඉතින් ටේටේ සුගා හියුන්ග්ව ඇහැරවන්න යද්දී හියුන්ග් එක අතක් දික් කරන් අනික් අතින් කොට්ටයක් තුරුල් කරන් නිදන් හිටියලු..

එයාට එවලේ මාර අදහසක් තමා පහලවෙලා තීන්නේ..

එයා හෙමීට කිචන් එක පැත්තට යද්දි ජින් හියුන්ග්නුත් හිටපු නැති එකේ ෆ්‍රිජ් එක ඇරලා ඒකේ තිබුන කේක් එකේ අයිසින් තට්ටුව හූරලා අරන්..

ඒක ගෙනත් සුගා හියුන්ග් දිගෑරන් හිටපු අතේ තියලා කුක්ගේ තොප්පියක තිබුන කුරුලු පිහාටුවක් අරන් හියුන්ග්ගෙ කම්මුලේ ගාවලා..

එක පාරක් දෙපාරක් ඇබරි ඇබරි හිටපු හියුන්ග් තුන්වෙනි පාර දිගෑරන් හිටපු අත අරන් කම්මුලට ගහලා..

එයා හිතලා තීන්නේ මැස්සෙක් කියලා..

හියුන්ගේ මූනේ පැත්තකම අයිසින් ගෑවිලා තීනඑක දැක්කාම ටේටේ හක හක ගාලා හිනාවෙලා..

උනේ මොකක්ද කියලා තේරුන හැටියේ ඒක කරේ මන් කියලා හිතන්, හියුන්ග් තුරුල් කරන් හිටපු කොට්ටේ එවලා..

වෙලාවට එතනට හොබී හියුන්ග් ඇවිත් කොට්ටෙපැත්තකට වැටෙන්න ගහලා ටේටේව අල්ලන් තීන්නේ..

නැත්තන් එයා වැටිලා මොනාවෙයිද කියන්න අපි කාටවත් බෑ..

හොබී හියුන්ග් ටේටේගේ හිනාව ඇහිලා එතනට ඇවිත් තීන්නේ..

මේ ඔක්කොම වෙද්දී මන් හිටියේ අපේ පූස් පැටව් නාවන ගමන්..එයාලා හරි කියුට් අෆ්ෆා..

MY EVERYTHING IS YOUWhere stories live. Discover now