අවසානය ☺️

1.2K 164 279
                                    

දවසක් දෙකක් නෙවෙ හරියටම මාසයක් ගෙවිලා ගියා.. හැමදේම වෙනස් වෙලා ඉවරයි...මෙච්චරකල් ජිවිතෙ විදපු කෙල්ලො හතරදෙනා දැන් ජිවිතෙ විදවනවා ආදරෙ නිසා...හැමෝටම කෙල්ලො හතරදෙනාගෙන් දකින්න ඕන වුන දේ දැන් ඒ විදිහටම සිද්ද වෙලා...කොල්ලො එක දවසක් කතා වුනා කෙල්ලොන්ව වෙනස් කරනවා කියලා...එයාලා හරි එයාලට පුලුවන් වුනා කෙල්ලො හතරදෙනාව ගොඩාක් වෙනස් කරන්න....

අවුරුදු ගානක් එකට ජීවත් වුන කෙල්ලො හතර දෙනා දැන් තනියම කාලෙ ගෙවන්න පුරුදු වෙලා...ඒකට හේතුවක් එයාලාවත් දන්නෙ නැතුව ඇති ඒත් එයාලට ඕන වුනා තනිවෙන්න...හැමදේම අමතක කරන්න නම් එයාලට ඕන වුනා තනිවෙන්න...ඕනම වෙලාවක නංගිලා තුන්දෙනා එක්ක ගෙදරින් එලියට පැනලා පිස්සු නටන්න බලන් ඉන්න ටියා දැන් ගෙදරින් එලියට එන්නෙ යුනි යන්න විතරයි....නින්ද ආගමක් කරගත්තු නිනී දැන් මුලු රෑ පුරාම නිදි නැතුව යුන්ගිගෙ මතකයන් එක්ක දුක් විදිනවා...හැම තිස්සෙම කෝලම් කර කර දගලන රූබි දැන් ගොඩාක් නිශ්ශබ්ද කෙනෙක් වෙලා....හැමෝවම බලාගත්ත ශේහා කිසි කෙනෙක් එක්ක කතාවක් නැතුව හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජිවත් වෙන්න පටන් අරන්....දැන් කෙල්ලො දවසට හිනා වෙන වාර ගානට වඩා ඇස් වලින් කදුලු වට්ටන වාර ගනන වැඩි වෙලා.. ඉතින් මේක නෙවෙද හැමෝටම ඕන වුන වෙනස....ආදරෙට පුලුවන් හැමදේම වෙනස් කරන්න.. ලස්සනට තිබුන ජිවිතයක් අපායක් කරන්න වගෙම අපායක් වගෙ ජිවිතයක් ලස්සන කරන්නත් ආදරෙට පුලුවන්....

කෙල්ලො හතරදෙනාට නොදෙවෙනි දුකක් කොල්ලො හතර දෙනත් විදිනවා..හදවතෙ තියන මහමෙරක් ආදරෙ කියා ගන්න බැරුව ඒ හතර දෙනා දුක් විදිනවා..ඒ හතරදෙනා හිටියටත් වඩා ගොඩාක් නපුරු විදිහට හැසිරෙන්න පටන් අරන්... එයාලා පොඩ්ඩ ඇත්නම් තරහා අරන් කෑගහන එක එයාලට දැන් පුරුද්දට ගිහිල්ලා...මේ හතර දෙනාගෙ මේ හැසිරීම නිසාම මින්සු ජින් හොබී ජිමින් හතර දෙනත් ගොඩාක් දුක් වුනා...එත් එයාලට කරන්න දෙයක් නෑ...නම්ජුන්ට ටියා ලගට යන්න බෑ යුන්සෙ නිසා...ටියාට නම්ජුන් එක්ක එකතු වෙන්න බැරි නම් ටියාගෙ නංගිලා තුන්දෙනත් එයාලගෙ ආදර කතා පිලිගන්න සූදානම් නෑ....ඉතින් කොහොමද මේ ප්‍රශ්නෙ විසදන්නෙ...ඒක කරන්න පුලුවන් එයාලටම විතරයි....

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now