නිනීගෙ අදහස 🧐

863 133 90
                                    

" මොකද්ද බං දැන්වත් කියපන්කො......"

ශේහා උදේ පාන්දර ඉදන් නිනීගෙ නින්දත් කඩලා දාලා නිනීගෙ ප්ලෑන් එක ගැන අහගන්න දගලනවා...එත් ඒක ගැන නිනීට අනිත් තුන්දෙනට කියන්න ඕන කමක් තිබුනෙ නෑ....

" කටවහන් පලයන් මට නිදාගන්න දිලා......"

නිනී රෙද්දත් ඔලුවෙ ඉදන් පොරවන් ආපහු නිදාගත්තා...

" අනේ ටියා බලනවකො මේකි එක්ක බෑ අප්පා...කියන්න කියන්නකෝ......"

නිනීගෙ රූම් එකේ ජනෙලෙ ලගට වෙලා අහස දිහා බලන් හිටපු ටියාට ශේහා කෑගහලා කිවා..ඒත් ටියා හිටියෙ මේ ලොකෙ නම් නෙවෙ...එයා කල්පනා කරේ ඊයෙ රෑ සිද්ද උන දෙවල් ගැන...පිලිගන්න අකමැති උනත් නම්ජුන්ගෙ කදුලු ටියාගෙ හිත ගොඩාම් රිද්දලා තිබුනා...ටියා එක ගැන අමතක කරන්න හදන හැම වෙලාවෙම එයාට නම්ජුන්ගෙ කදුලු මතක් වෙනවා...

" ඕයි උබ මොන ලොකෙද ඉන්නෙ ආ......"

ශේහා ටියා ලගට ගිහින් ටියාගෙ උරහිසින් අල්ලලා හොල්ලන ගමන් ඇහුවා...

" ආහ් ඇයි ඇයි......."

ටියා ලොකු කල්පනාවක හිටපු නිසා ශෙහා එයා ලගට එනකල්ම එයා දැනන් හිටියෙ නෑ..

" උබට මක් උනාද ටියා......"

" මොකුත් නෑ බං....."

" උබට බෑ මට බොරු කියන්න......"

" මොකුත් නෑ බං......"

" උබෙ හිතෙ තියන දෙ කියපන්....."

ටියා මොකුත් නොකියා ශෙහාව හග් කරෙ ශේහාගෙ ප්‍රශ්න වලට දෙන්න උත්තර එයා ළඟ නැති නිසා...එයාටම හිතාගන්න බැරි වුනා නම්ජුන් ගැන එයා මේ තරම් හිතන්න තරම් තියන හේතුව මොකද්ද කියලා...

" මොකද්ද ඔන්නි අවුල......"

" මගෙන් මොකුත් අහන්න එපා ශෙහා....."

" හරි හරි....."

ශෙහා ටියාගෙ ඔලුව අත ගෑවෙ ටියාගෙ හිතෙ පොඩිම හරි දුකක් තියනම් ඒක ඉක්මනට නැතිවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්....

" තොපි දෙන්නා අදත් ඉමෝසනල් වෙන්න පටන් ගත්තද....වරෙන් යන්න අන්න අර යක්ෂයො ටික අපි ටික එනකල් කෑම මෙසෙට වෙලා බලන් ඉන්නවා........"

Annoying girls and seven boys (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें