ජන්ග්කුක් එයාගේ පපුව පෙන්න පෙන්න කටත් උල් කරන් කදුලුත් පුරෝගෙන කියනකොට ජිමින්ට හිනා ගියා..ඊටත් වඩා ජිමින්ට සතුටුයි...පිටිපස්සේ ඉදන් ජන්ග්කුක්ගේ කතාව අහන් හිටපු යූන්ගිටත් කියාගන්න බැරි තරම් සතුටුයි..මෙච්චර කාලයක් එයාලා බලාපොරොත්තුවෙන් හිටපු දේ මේක..

🐱 මන් දන්නවා කුක්ට තියෙන අසනීපේ...

යූන්ගි එහෙම කියාගෙනම ජන්ග්කුක්ගේ එහාපැත්ත පුටුවෙන් වාඩි උනා..ජන්ග්කුක් හුරතල් විදියට යූන්ගිගේ පැත්තට හැරුනේ එයාගේ අසනීපේ දැනගන්න..ඊටත් වඩා ජිමින් හිනා වෙන එකට ජිමින් එක්ක කේන්තියටමයි එයා යූන්ගිගේ පැත්තට හැරුනේ..

🐰 මොකක්ද බිලාලයෝ මගේ අසනීපේ..🥺🥺
මන් මැරෙයිද ??

🐱 ම්ම්ම්...මෙහෙමයි..
ඉක්මනට බෙහෙත් නොකරොත් නම් අසනීපේ වැඩි වෙයි..හැබැයි අපිට බෙහෙත් කරන්න අමාරු වෙන එකක් නෑ..

🐰 ඉතින් කියන්නකෝ මගේ අසනීපේ මොකක්ද කියලා 🥺🥺

🐱 මේකයි ඕකට කියන්නේ කුක් ලව් සික් කියලා..

🐰 මො ??

🐥 මේ අහන්න කුක්...ඔයා ටේහ්‍යුන්ට ආදරෙයි..
ඒකයි ඔයාට එහෙම දැනෙන්නෙ...

ජිමින් ජන්ග්කුක්ගේ අත් දෙක අල්ලගෙන එයාගේ ඉස්සරහින් දනගහහෙන කිව්වාම ජන්ග්කුක්ගේ බෝල ඇස් තවත් ලොකු උනා.

🐰 ඒත් එයා කොල්ලෙක්නේ..🥺

🐱 ආදරේ කරන්න එයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා අදාල නෑ කුක්..
ආදරේ කියන්නේ හැගීමක්...ඒක කොයි වෙලේ කොතන ඇති වෙයිද කියල අපි දන්නෙ නෑ..
අනිත් එක ආදරේ කියන දේ ලේසියෙන් ඇති වෙන දෙයක් නෙමෙයි..
විශේෂයෙන් ම ඔයාට නපුරුකම් කරපු කෙනෙක්‍ට ආදරේ ඇති වෙන එක...ඒක හරිම අහම්බෙන් වෙන දෙයක්...

🐰 ඒත් ටේහ්‍යුන් මට ආදරේ කරයිද ??

යූන්ගි අප්පා කෙනෙක් වගේ ආදරෙන් ජන්ග්කුක්ට කියලා දෙන දේවල් ජිමින් අහන් හිටියේ හරිම ආසාවෙන්..ඒත් ජන්ග්කුක් අන්තිමට කියපු දේට නම් යූන්ගිට වගේම ජිමින්ටත් උත්තර නැති උනා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now