එහෙම කියලා යන්න නැගිට්ට ජිමින්ට ටිකක් වෙලා ගිහින් යූන්ගි කියපු එක තේරුනාම ඇසුත් ලොකු කරන් යූන්ගිගේ පැත්තට හැරුනා.

🐥 මොකක්ද කිව්වෙ ??

🐱 සරන්හේ මූචි..
මට තවත් මේක හංගන් ඉන්න ඕන නෑ..
ඔයාව දැක්ක දවසේ ඉදන් මන් ඔයාට ආදරෙයි..
ඒත් අපේ මේට් වෙනස් උනොත් කියලා මන් මගේ හැගීම් මන් ලග විතරක් තියාගත්තා..ඒත් දැන් මගේ මේට් ඔයානේ...මට තවත් මේක හන්ගන්න ඕන නෑ..

🐥 ඒත් මට ආදරේ කරන්න බෑ..

🐱 ඇයි ඒ ??
කොල්ලෙක් නිසා කියලා නම් කියන්න ලෑස්ති වෙන්න එපා...😑😑

🐥 නැහැ ඒක නෙමෙයි ප්‍රශ්නේ..

🐱 එහෙනම්..

යූන්ගි ජිමින්ව ඇදලා අරන් ආයි ඔඩොක්කුවට ගත්තා..අරගෙන ජිමින්ගේ පිටට මූන තියාගෙන හොද හුස්මක් ගත්තේ ජිමින් මොකක් කියයිද කියලා බයෙන්..

🐥 මට දැන්ම ආදරේ කරන්න බෑ යූන්ගි..
කුක් මගේ හොදම යාලුවා..මගේ සහෝදරයා..
ආදරේ නිසා එයා දුක් විදිනකොට මට ආදරේ කරලා සතුටු වෙන්න බෑ..
කුක් රෑ හීනෙන් කෙදිරි ගෑවා ටේහ්‍යුන්ගේ නම කිය කිය..මට බෑ එයා දුක් විදිනවා බලන්න...
පුලුවන් නම් මාව තේරුම් ගන්න..
මන් දන්නවා මේට් නැතුව ජීවත් වෙන්න අමාරුයි කියලා...ඒත් මට මගේ සතුට වෙනුවෙන් මගේ සහෝදරයාව අතාරින්න බෑ...
එයාට මේ වෙලේ මාව ඕන..
මන් ඔයාට අවධානේ දුන්නොත් මට එයාව නැති වෙයි...ඊයෙ උන දේ දැක්කානේ...
අපි අපේ සතුට බලන්න ගිහින් තව ටිකෙන් මට මගේ කියලා ඉන්න සහෝදරයාව නැති වෙනවා..
ඒ නිසා මට ටික කාලයක් දෙන්න..

🐱 මට ඔයාව තේරෙනවා මූචි..
අපි දෙන්නා ඊයේ ඇත්තටම වැරදි..
අපි දෙන්නාගේ අතින් උන වැරැද්ද නිසා තව ටිකෙන් අපිට අපේ සහෝදරයෝ විතරක් නෙමෙයි මුලු ලෝකෙම මිනිස්සු නැති වෙනවා...
ඔයා කියන එක හරි...
මටත් බෑ ටේහ්‍යුන් දුක් විදිනකොට සතුටු වෙන්න..

🐥 හ්ම්..මියානේ...

🐱 ඒකට කමක් නෑ අලබෝලේ...
ඔයා හොද යාලුවෙක්...මට සතුටුයි මගේ හොදම යාලුවාගේ හස්බන්ඩ්ට හොද යාලුවෙක් ඉන්න එකට..

යූන්ගි එහෙම කිව්වාම ජිමින් හරි ලස්සනට හිනා වුනා..ජිමින් සාමාන්‍යයෙන් එහෙම හිනා වෙනවා අඩුයි...එයාට තියෙන රාජකාරිය එක්ක, එයාට උන දේවල් එක්ක ජිමින්ගේ හිනාව හුගක් හැංගිලා තියෙන්නේ...ජන්ග්කුක්ගේ හුරතල් වැඩ වලට තමා ජිමින් හිනා උනොත් හිනා වෙන්නේ...ජිමින් කියාගන්න බැරි තරම් ජන්ග්කුක්ට ආදරෙයි..එක වයසේ උනත් ජන්ග්කුක් කියන්නේ එයාල හැමෝගෙම චූටි මල්ලිනේ...

ඒත් එක්කම ජිමින්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..ඒක ආන්ස්වර් කරලා ඉන්නකම් යූන්ගි පවා බලන් හිටියේ කෝල් එක රජතුමාගෙන් කිව්ව නිසා.

🐱 මොකද කියන්නේ ??

🐥 අපි දෙන්නාට ඉක්මනට එන්නලු..

🐱 ඒත් මෙයාලා දෙන්නාව මේ තත්ත්වේ දාලා යන්න පුලුවන් ද ??

🐥 ඉක්මනට ගිහින් එමු...
දෙන්නාම තාම නිදිනේ..

දෙන්නාම ටේකුක් දෙන්නා නැගිටින්න ඉස්සෙල්ලා ඉක්මනට ලෑස්ති වෙලා ගියා..

ඒත් ජිමින්ගෙයි යූන්ගිගෙයි මේ කතාව තව එක්කෙනෙක් අහන් හිටියා..ඒ ජන්ග්කුක්..නිදාගෙන නැගිටලා එලියට එන්න ආවත් එහෙම්ම දොර එහාපැත්තෙ හැංගිලා යූන්මින් දෙන්නා කියන ඒවා අහගෙන හිටියා..එයාට දුකයි..එයා නිසා එයාගේ හොදම යාලුවා ආදරේ අතාරින එක..ජිමින් වචනෙන් නොකිව්වාට එයත් යූන්ගිට ආදරෙයි කියලා ජන්ග්කුක් දන්නවා...

ඉතින් ජිමින් වෙනුවෙන් ජන්ග්කුක් ටේහ්‍යුන්ට අවස්තාවක් දෙන්න හිතුව.. ඊයේ උන හැමදේම අමතක කරලා ටේහ්‍යුන්ට අවස්තාවක් දීලා බලන්න එයා හිතුවා..මොකද ඊයේ ටේහ්‍යුන් මත් වෙලා හිටියත් ඒ ඇස් වල යාන්තමින් හරි ජන්ග්කුක් වෙනුවෙන් ආදරයක් තියෙනවා එයා දැක්කා..

මොකද ඊයේ ටේහ්‍යුන් මත් වෙලා හිටියත් ඒ ඇස් වල යාන්තමින් හරි ජන්ග්කුක් වෙනුවෙන් ආදරයක් තියෙනවා එයා දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you 🥺❤️❤️


#Defenders of the degan
නැවත හමිවෙමු

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now