Queen jeon : මේවා අපි තීරණය කරපුවා නෙමෙයි පුතා..ස්වභාදහමේ මාතාව තීරණය කරපුවා..

🐰 එයා කොහොමද එහෙම තීරණය කරන්නේ ??
අනේ ඔම්මා මට බෑ...😫😫😫

King jeon : ජන්ග්කුක් තේරුම් ගන්න ලමයෝ... ඔයත් එක්ක මන් ජිමින්වත් යවන්නම්..

මෙච්චර වෙලා කට වහගෙන සේරම අහන් හිටපු ජිමින්ට කැස්සකුත් ආවා ඒක අහලා..

🐥 කැහ්..කැහ්...
මේ මන් ??

තමන්ටම ඇගිල්ලක් දික් කරන් ඇසුත් ලොකු කරන් ඇහුවම රජු රැජින දෙන්නාම එකපාරම ඔව් කියලා ඔලුව වැනුවා..ජිමින්ගේ ඔම්මායි අප්පායි එයා චූටි කාලේදි යුද්දේ නිසා මැරුනා..එදා ඉදන් ජිමින් හැදුනේ රජුගෙයි රැජිනගෙයි පුතෙක් විදියටමයි.. ජන්ග්කුක් ජිමින් දෙන්නා එක වයසේ නිසා ඒ දෙන්නාට කිසිම වෙනසක් නොකර දෙන්නාම හැදුනේ එකටමයි..

🐥 ඒත් ඇයි මන් යන්නේ ??

ජන්ග්කුක්ට ටේව පෙන්නන්න බෑ වගේම ජිමින්ට යූන්ගිව පෙන්නන්නත් බෑ..ඒකට ප්‍රධානම හේතුව යූන්ගි එයාගේ මේට් කියලා ජිමින් දන්න එක..එයත් ඉතින් එයාගේ මේට් කොල්ලෙක් කියලා පිලිගන්න එක තරයේ හෙලා දකිනවා...ඒ නිසා ජන්ග්කුක්ට වගේම ජිමින්ටත් කිම් මාලිගේ පෙන්න බෑ...

Queen jeon : ඔයාගෙත් මේට්ව හොයගන්න..මන් දන්නවා එයාත් cold phenix කෙනෙක් නෙමෙයි කියලා..එහෙම උනා නම් ඔයා දැනටමත් හොයාගෙන නේ..

🐥 අනේ ඔම්මා..🥺🥺

King jeon : ජිමින් ඔයත් මුරන්ඩු වෙන්න හදන්න එපා..ආයි මගේ තීරණය වෙනසක් නෑ..ඔයාලා දෙන්නාම ලෑස්ති වෙන්න කිම් මාලිගාවට යන්න..

සැරෙන් අනක් විදියට කියලා රජු එතනින් යන්න ගියා..

🐰 හ්‍යුන්ගී...😭😭😭😭😭😭

ජන්ග්කුක් අඩාගෙන ගිහිල්ලා ජින්ගේ ඇගට පැන්නා..බෙල්ලේ මූන හන්ගගෙන ඉන වටේ කකුල් දෙක දාලා ඔතාගෙන එයාගේ හ්‍යුන්ග්ව බදාගෙන හෝ ගාලා අඩනවා...එයාගේ චූටි මල්ලි අඩනකොට ජින්ටත් දුකයි..ඒත් එයාට වෙන කරන්න දෙයක් නෑ.. මේක දෛවයේ තීරණයක් නේ...

🐹 කුක් 🥺🥺🥺

🐰 අනේ හ්‍යුන්ගී මාව බේරගන්නකෝ...😭😭
මට කොල්ලෙක්ව බදින්න බෑ අයියෝ...ඒකත් අර පෙට්ටි කටාව නම් කොහෙත්ම බෑ....
අනේ මන් ස්ට්‍රේට් අප්පා...
මාව බේරගන්නකෝ 😭😭😭

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now