ජන්කුක් වැඩි කෙයා එකක් නැතුව කියද්දි ටේත් ගමන නතර කරලා පිටිපස්ස බැලුවා...

"හහ්... ඔයා අදුරන්නෑ කිව්වේ මටද....."

ජිමින් ටිකක් නුරුස්සන ස්වරයකින් එහෙම කියද්දි ජන්කුක්....

"අදාළ අයට...."

"දැනගන්නවා.....ඔයා අදුරන්නේ නැති වුනාට ටේ මගෙ කවුද කියලා ටේ හොදටම දන්නවා..."

"ඉතින් මට මොකෝ....."

"ත...තමුසේ...."

ජිමින් තරහෙන් දබර ඇගිල්ල උස්සලා කතා කරන්න හදද්දි ඒ දිහා එක එල්ලේ බලපු ජන්කුක්ව දැක්ක ජිමින්ගේ දබර ඇගිල්ල වෙවුලන්න ගත්තා.... ඉක්මනට ආපහු පාත දාගෙන තරහ පාලනය කරන ගමන් කතා කරන්න ගත්තු ජිමින්.......

"හ්ම්ම්...හරි මම ආවේ ටේ හොදින්ද කියලා බලන්න විතරයි...මොනාවුනත් මට ඔයාව සත පහකට ශුවර් නෑ...."

"ඔයාට මාව විශ්වාස නැති එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි..."

ජන්කුක් ආපිට නැවතත් එහෙම කියද්දි දත්මිටි කන්න ගත්තු ජිමින් අනිත් පැත්තට ආපහු කියන්න ගද්දි එකපාරටම ඇහුනේ මෙතරම් වෙලා නිශ්ශබ්ද සිටි ටේගේ හඩ.....

"යාහ්.....නවත්තන්න අලේ......"

"ආහ්.......ට්.....ටේ බබා.....මොකද මේ...."

ඒත් එක්කම ජන්කුක්ත්.....

"ආයිෂ්.....ටේ......."

ජන්කුක් හා ජිමින් මූණත් අතින් කවර් කර ගන්න ගමන් එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් ඉන්න පැත්තේ ඉදලා එන වතුර පාරක් ජන්කුක්වයි ජිමින්වයි ලාවට තෙමන්න ගත්තු නිසා.මෙතරම් වේලාවක් ජන්කුක්ගෙත් ජිමින්ගෙත් බහින් බස් වීම දෙස මාරුවෙන් මාරුවට ඔලුව හරව හරව බලන් ඉදපු ටේ ගාර්ඩ්න් එකේ තණකොළ උඩ තිබුනු හෝස් එකක් දැකලා තොල් පටලවගෙන ලාවට හිනාවුනේ ආපහු ජන්කුක් දෙසත් ජිමින් දෙසත් බලන අතරේ.කරාමය විවර කර එය අතට ගත් ටේ ජන්කුක්ටත් ජිමින්ටත් ඒකෙන් වතුර විදින්න ගත්තේ මුව පුරා ලස්සන සිනාවක් ඇදෙද්දි.විනෝදකාමීව ටේ සතුටින් උඩ පනින ගමන් හෝස් එක කරකවන ගමන් මුලු ගාර්ඩ්න් එක වටේම ගෙන ගියා....

"ඕක නවත්තන්න ටේ......"

"අනේ ටේ බබා....ජිමිනි ආපහු ගෙදර යන්නේ කොහොමද..."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now