Chapter 05

447 134 49
                                    

"ජින් හ්‍යුන්ග් ? ඔයා මොකද මේ වෙලාවේ" දොර ලඟට වෙලා හති අරින ජින් දැක්කා ම නම්ජුන් පුදුම වුණා.

"මං ගෙදර ගියාට පස්සේ ගෙදර බඩු වගයක් ඉවර වෙලා නිසා super market එකට ආවා . මෙතන පහු කරලා එද්දී පහළ ambulance එකක් නතර කරලා තිබ්බා . මං කෝකටත් කියලා පොඩි තුන් දෙනා හොඳින්ද බලන්න ඔයාට call කළා . මං දහ පාරකට වඩා ගත්තා . ඒත් ඔයා answer කළේ නෑ. දැන් ආපහු ගෙදර ගියත් පැටව් ටික පරිස්සමෙන් ද දැනගන්නකම් මට නින්දක් නෑ. ඉතින් මට වෙලාවේ හැටියට කරන්න මතක් වුණේ මෙහේ එන එක විතරයි"

"අහ් බබාලා තුන් දෙනා නම් හොඳින් , ambulance එක ආවේ Jia ව ගෙනියන්න "

"ඇයි එයාට මොකද වුණේ"

"මුලින්ම ඇතුළට ඇවිත් ඉන්නකෝ , එළිය සීතලයි , අනික බබාලා තුන් දෙනා තනියම"
නම්ජුන් දොරෙන් මෑත් වෙලා ජින්ට ඇතුළට එන්න ඉඩ දුන්නා.

සාලේ වෙලා තිබ්බ විනාසේ දැක්ක ජින් ඔළුවේ අත ගහගත්තා.

කාමරේ ඉඳන් කෑ ගහන ළමයි ටිකට phone එකේ cartoon එකක් දාලා දීලා සාලේ අස්කරන්න නම්ජුන් කොස්ස අතට ගනිද්දී ජිනුත් මහන්සි නොබලා එයාට උදව් කළා.

Jia ට වෙච්ච දේ කියලා ඉවර වෙද්දී ජින්ට නිකම්ම හිනා ගියේ නම්ජුන් මුල් කාලේ ම දීපු warning එක කොච්චර සාධාරණ ද කියලා මතක් වෙලා .

පැය භාගෙකින් විතර Hospital එකට call කරලා බලපු නම්ජුන් Jia ට ලොකු ප්‍රශ්නයක් නෑ කිව්වම සැනසුම් සුසුම් හෙලුවේ තත්වේ භයානක වුණා නම් තමන් පඹ ගාලක පැටලෙන බව දන්න නිසා. යුතුකමක් විදිහට Ms.Choi ටත් කතා කරලා Jia ගැන දන්වන්න නම්ජුන් අමතක කළේ නෑ .

ගෙදර අස්කරලා ඉවර වෙද්දී ගොඩක් රෑ වෙලා තිබ්බේ . ඉතින් වෙලාවේ හැටියට ජින්ව තනියෙන් යවන්න නම්ජුන්ට හිත දුන්නේ නෑ . ඒ වෙද්දි ජින්ව ගෙදරට ඇරලවන්නත් නම්ජුන්ට මහන්සි වැඩි . ඉතින් නම්ජුන් එදා එයාලගේ ගෙදර නවතින්න කියලා අමාරුවෙන් ජින් ව කැමති කරවගත්තා .

ජින්ට guest room එක ලෑස්ති කරලා දීපු නම්ජුන් ඉක්මනටම නිදා ගන්න ගියේ එයාට ලොකු ඔළුවේ කැක්කුමක් දැනුණ නිසා.








ජින් පහුවදා උදේ නැගිටිද්දී උදේ 6 ට විතර ඇති . Alarm එකක් නැතුව වුණත් කාලයක් තිස්සේ ඇහැරිලා පුරුද්දටම ජින්ට 6 න් පස්සේ නින්ද යන්නේ නෑ . වෙන කරන්න දේකුත් නැති නිසා මූණ හෝදලා ඉවර වෙලා එයා කුස්සියට ගියේ උදේ කෑම ලෑස්ති කරන්න .

I'm (not) Ok [completed]Where stories live. Discover now