" මං එන්නද ඔතනට.."

" අපෝ එපා..මං තව ටිකකින් එන්නම්.." ජිමින් එහෙම කියලා ඉක්මනින් කෝල් එක කට් කරලා දැම්මා.

කොරිඩෝවෙ කොනකට වෙලා ෆෝන් එක දිහා බලාගෙන හිටිය ජිමින් ඉක්මනින් ප්‍රොෆෙසර් ජොන්ගෙ කාමරය දිහාවට ඇස් යැව්වෙ කලු පාට ඇඳුමක් ඇඳගත්ත මනුස්ස ඡායාවක් කාමරේ ළග නැවතෙද්දි..

" ඕහ්..ගුඩ් මෝර්නින් ප්‍රොෆෙසර් ජොන්.." කාමරේ ඇතුලට යන්න ගිය මහාචාර්යවරයා වළක්වමින් ජිමින් කිව්වා.

" මෝනින්.."

ජිමින්ගෙ මූණ දිහා බලපු මහාචාර්යවරයා සීතල කටහඬින් කියලා කාමරේ ඇතුලට යද්දි ජිමිනුත් කාමරේට පැනගත්තා.

" ඉතින්..?" ජිමින් මේසෙට බර වෙලා ඇහුවා.

" ඉතින්..?" මහාචාර්යවරයා ආපිට ඇහුවා.

" මගෙ අසයින්මන්ට් එක බැලුවද..?"

" බැජ් එකක අසයින්මන්ට් එක දවසින් බලන්න බැරි විත්තිය ඔයා දන්නැද්ද පාක්..?"

" ඒත් ඔයා මගෙ එක බැලුවනෙ..මං හරි නේද ආ...?"

ජිමින් අහනකොට මහාචාර්ය ජන්ග්කුක් එයාගෙ පොත් රාක්කයෙ තිබුන පොත් වගයක් අවුස්සන්න ගත්තෙ ජිමින්ව මගහරින්න හිතාගෙන.

" කියන්නකො ඉතිං..?"

" මොනාද..?"

" ලකුණු කීයද..?"

" මං ඔයාට කලින් උත්තරයක් දුන්නනෙ පාක්.."

මහාචාර්යවරයගෙ නිවුනු කතා විලාසය ජිමින්ගෙ ඉවසීම අන්තෙටම ගෙනත් තිබුණා.ඉවසීම පැනපු ජිමින් මේසෙ උඩ තිබ්බ බ්‍රීෆ් කේස් එක ඇරියෙ ඒකෙ ඇතුලෙ අසයින්මන්ට් එක ඇති කියලා අනුමාන කරලා.

එයා හරි..කොළ පාට ෆයිල් එක අතට ගත්ත ජිමින් ඒක ඇරලා බැලුවෙ උපේක්ෂා සහගතව.

" වොහ්හ්..හයි මාක්ස්...!!" ජිමින් ඇස් ලොකු කරන් කියනවත් එක්කම ජිමින්ගෙ පැත්ත බලපු මහාචාර්යවරයා ගල් ගැහිලා ගියා.ජිමින්ගෙ තොල් වල උපහාසාත්මක හිකාවක් ඇදුනා.

" මේ මොකක් ද ප්‍රොෆෙසර් ජොන්..? ඔයා උදේම මාත් එක්ක සෙල්ලං කරනවද ආ..?" ජිමින් ඇහුවා.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now