*විහගි:-* 🙂සමහර තෑගි තියෙනවා V....කොච්චර ආස වුනත් ඉල්ලන්නත් බැරි...දෙන්නත් බැරි...🙂❤‍🩹
අපිට පුලුවන් දුර ඉදන් බලන් ඉන්න විතරයි..🥺❤️
හැබැයි දවසක් ඒවී...අපි ගොඩාක් ආස කරපු ඒ තෑග්ග වෙන කෙනෙක්ට අයිතිවෙන.... අන්න එදාට කිසිම ලෝබකමක් නැතුව ඒ කෙනාගෙ සතුට දිහා බලාන මටත් සතුටු වෙන්න පුලුවන්...🥺🙂❤‍🩹

V ට ඇයගෙන් ලැබුණේ ඔහු නොසිතූ පිළිතුරකි. ඇය ඒ කීවෙ තමාගේ ආදරය ගැන බැව් V ට හොදින් ම වැටහුණි.

*V:-* සමහර වෙලාවට අපිට ලැබෙන්න තියෙනවනම් කොහොමහරි..කවදහරි ඒ තෑග්ග අපිට ලැබෙනවා
විහගි.😌 හරියට ගොවියෙක්ගෙ පුතෙක් වුණු මම...තාත්තා එක්ක ගොවිපලේ වැඩකරන්න හිටපු මම...යාලුවත් එක්ක එයා ඉදිරිපත් වෙන සම්මුඛ පරීක්ෂණේට එයාගෙ තනියට ආපු මම...එතන හිටපු කෙනෙක්ගෙ බලකිරීමට නිකමට තරගෙට ඉදිරිපත් වුණු මම...අන්තිමට ඒ පලාතෙත් තේරුණු එකම කෙනා වෙලා big hit එකේ පුහුණුවීම් කරලා අද BTS සාමාජිකයෙක් වුනා වගේ.
ජීවිතේ හරි පුදුමයි විහගි...ඒ නිසා කවදාවත් බලාපොරොත්තු අතඇරගන්න එපා. අපිට ජීවත්වෙන්න බලාපොරොත්තු ඕනෙ...
ආදරෙත් ඕනෙ..😌❤️
ආ..හ්හ්..හරි හරි දැන් හොද ළමයා වගේ නිදාගන්න...ම්ම්ම්...මං නිදාගන්න දෙන්නෙත් නැතුව කියවනවා නෙහ්..😁😁 ගනන්ගන්න එපා...දන්නවනෙ ඔයාලගෙ V ට චුට්ටක් නෙවෙයි හොදටම පිස්සුනෙ...🙈😂දැන් Good Night කියන්නත් බෑ උදේ වෙන්නත් එනවා...කමක් නෑ අපි තාම නිදාගත්තෙ නෑනේ....ඒ නිසා
Good Night Vihangi💜🥰

V කියූ දේවල්වලට කුමක් කිව යුතුද කියා විහගිට සිතාගැනීමට නොහැකි විය.යාන්තම් අකුරු ගලපා ඔහුට සුබ රාත්‍රියක්යැයි සුබ පැතීමට පමණක් ඇයට හැකි විය.

*විහගි:-* Good Night V 🥺💜

ඔවුන් දෙදෙනා ම නින්දට ගියේ සිතෙහි දහසකුත් හැගීම් කැළබෙද්දී ය.

..............................................................................................

උදෑසන ම කඩාන බිදගෙන තකහනියේ V ගෙ කාමරයට දිව ආ ජිමින් සුපුරුදු පරිදි භූමි වන්දනාව කරමින් පොළෝ මාතාව සිපගන්නට වූයේ මහ හඩක් නංවමින් V ගෙ කාමරයෙහි වූ බඩු මුට්ටු කිහිපයක්ද පියාසර කරවමිනි.
ඒ ශබ්දයෙන් තද නින්දක පසු වූ V ගැස්සී අවදි වූයේ තම කාමරයෙහි බඩු මුට්ටු ආදිය ගුවන්ගත කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නාර්ථයත් සමගිනි. එවිට ඔහුට දකින්නට ලැබුණේ තාමත් අතපය විහිදුවාලමින් බිම වැතිරී සිටින තම ආත්මීය මිතුරාවය. එය දුටු V ට තම සිනහව පාලනය කරගැනීමට පවා නොහැකි විය.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now