නිහඬ පෙම

Start from the beginning
                                    

@nilanthi3 (thanks nangiyoo)

මම සුමීගේ සොහොනට වාරු වෙලා මම ගැනම කල්පනා කර කර හිටියේ ගෙදර යන්න තරම් අදහසක් නැති නිසා.



Meanwhile in home.......

Haneul's pov

මම උදෙන්ම නැගිට්ටේ ජිමින්ශීට කතා කරන්න ඕන නිසා.
මගේ අතින් ඊයේ වුනේ ලොකු වැරැද්දක් .
මම ගේ පුරාම ජිමින්ශීව හොය හොයා ගියත් මට එයාව හොයාගන්න වුනේ නෑ .

වාහනෙත් නෑනේ මෙයාගේ.අනික දැන් දවල් වෙන්නත් ලගයි.
මම garden එකට වෙල gate එක දිහාම බලන් හිටියා.

"ජිමින්වද හොයන්නේ නාරි?" රූහි ඔන්නිගේ කටහඩින් මම ගැස්සිලා ගියා.

"ඔ...ඔව් ඔන්නි." මම කියද්දි එයා හිනාවෙලා මගේ ඔලුව අත ගෑවා.

"එයා දැන්ම එන එකක් නෑ .සමහරවිට අද එන එකකුත් නෑ .
කොල්ලා අද උදේ ගියපු විදිහෙන්ම මට ඒක තේරුනා.ඒ නිසා එන්න යමු ඇතුලට ." ඔන්නි කිව්වා.

"ඔන්නි.........කොහෙද  එයා ගියේ?" මම අහද්දි ඔන්නි ලොකු හුස්මක් පහල දැම්මා.

" එයාගේ අතීතය ලගට එයාගේ පළවෙනි ආදරේ ලගට" ඔන්නි අහස දිහා බලාගෙන කිව්වා.

"මොකක්ද ඔන්නි ඒ කතාව? ජිමින්ශීගේ පළවෙනි ආදරේ?" මොකක්දෝ මන්දා දුකක් දැනෙද්දි මම කිව්වා.

"හ්ම්...සුමී....ඒ තමා මගේ මෝචිගේ පළවෙනි ආදරේ.හරි ලස්සනට එයාලා ආදරේ කලා.
මෝචිට සුමීව මුන ගැහුනේ මුලින්ම හොස්පිටල් එකේදි. මාවයි ජූන්වයි එකතු කරන්න ඇවිත්.

එහෙම පටන් ගත්ත ආදරේ මාස 7 8කින්  අනිත් පැත්ත ගැහුනා.සුමීට දරුණු පිලිකාවක් හැදුනා.ජිමින් අවසානේ වෙනකම්ම බලාපොරොත්තු අත් හැරියේ නෑ .
ඒත් සුමී අපිව දාලා ගියා.

එදා ඉඳලා ජිමින් වෙනස්ම කෙනෙක් වුනා.එයා බිව්වා....club ගියා.නාස්තිවෙන්න පුලුවන් උපරිමෙන්ම නාස්ති වුනා.

ඒත් අතරමගදි එයාටම තේරිලා එයා වෙනස් වුනා.ඒත් පරන ජිමින් නෙවෙයි.ගොඩක් නිහඬ ජිමින් කෙනෙක්.

ඔයාව මුලින්ම මුන ගැහිලා ආවට පස්සෙයි ජිමින්ගේ පොඩි වෙනස්කම් ඇතිවුණේ.
ජිමින් පළවෙනි වතාවට බොන්නේ නැතුව නිදාගත්තා.පහුවෙනිදා ඔයාව මුන ගැහිලා ආපු කොල්ලා ආයෙමත් හිනාවුනා.ආයෙමත් ජීවත් වෙන්න ගත්තා.

Spring day Where stories live. Discover now