මායාව

145 24 21
                                    

Jimin's pov

එදායින් පස්සේ ජන්ග්කුකා මාත් එක්ක ආවේ නෑ .කිව්වත් වගේම ටේයියා මාත් එක්ක හැමදාම හිටියා.ඒ වගේම අනිත් අයත්.ඒත් එයාලව මග ඇරියා නම් මග ඇරියේ මේ මම.
මම වෙනස්ම මිනිහෙක් ඔව්,වෙනස්ම කෙනෙක්.ඉක්මනට ඇදගත්ත මම club එකට පිටත්වුනේ මාව දැකලා ලොකු හුස්මක් පිටකරපු නම්ජූන් හ්‍යුන්ග්ට පේන්නමයි.

වෙනදා වගේම රෑවේලා මම dorm එකට ආවා.අද වෙනසක් තියනවා .
ඔව්,මම තනියම ආවේ.....ටේයියාගේ කරින් නැතුව.
මට දැන් drugs ඕන......

ඒ ටික ගෙදර ඒ නිසායි ආවේ. මම දොර ඇරගෙන ඇතුලට ගියේ හිටපු කිසි කෙනෙක් ගණන් නොගෙන .කෙලින්ම කාමරේට ගියපු මට මගේ වස්තුව හොයාගන්න බැරිවුනා.

කිම් f***ing ටේහ්‍යුන්.......එහෙනම් උබ අදත් ඒක හොයාගත්තා.මම drug නැතිවෙලාවට යකෙක්..ඔව්,මම අමනුස්සයෙක්.මට ඒ වෙලාවට එකෙක්වත් හරියට පේන්නේ නෑ .

මම පහලට ගියේ යකෙක් වගේ.

"මේ ටික වෙන්න ඇති උබ හොයන්නේ......"

මම පහලට යද්දිම ටේ මගේ drug packet එක පෙන්නලා කිව්වා.මම පිස්සෙක් වගේ ඒක ගන්න දිව්වත් ටේ ඒක ඈතට විසිකලා.අද ඔක්කොමලා මෙහේ වගේ.....
වෙන්න ඇති මෙතන දැන් නාඩගමක් නටාවි.

"උබ මට පොරොන්දු වුනා යකෝ ආයේ ඒ ජරාව අතින්වත් අල්ලන්නේ නෑ කියලා.මම හ්‍යුන්ග්ලගෙනුත් ඒක හැන්ගුවේ ඒ නිසා.ඒත් තවත් බෑ .මම හැමදේම කිව්වා හැමදේම.ඇයි උබ විහින් විනාස වෙන්නේ?ජිමිනා අහපන් හරි සිහියට වරෙන්."

ටේ මගේ ලගට ඇවිත් මාව හොලවලා අහනවා.

"අත ඇරපන් යකෝ මාව.
උබ මොන හයියක් අරගෙනද මගේ බඩුවලට අත තිබ්බේ........?
ඒවා මගේ යකෝ......
උබ කවුද මිනිහෝ මම ගැන හොයන්න.

පලයන් මගේ දෑහට නොපෙනී.....පලයවු......." drug sick නිසා මම අමනුස්සයෙක් වගේ කෑ ගැහුවා.මොකද ඒ ඉන්නේ ටේ කියන්නවත් මට තේරුමක් නෑ .

Author's pov

"මෝචි මගේ මල්ලි....

Spring day Where stories live. Discover now