උමතුව

132 26 18
                                    

Jimin's pov

"සුමී............" හැමදාමත් වගේ ඒ කරුමක්කාර දවස හීනෙන් පෙනිලා මම නැගිට්ටේ වෙනදා වගේම මගේ සුමීගේ නම කියාගෙනමයි.

ඔව්, අදත් මම මගේ කාමරේ...................මගේ ඇදේ.......................පුරුදු විදියටම ටේහ්‍යුනා මගේ ළඟ මගේ අත අල්ලගෙන නිදි.

කවදද උබ මේක නවත්තන්නේ බන්...?කවදද උබට මේ ජිමිනව ඇති වෙන්නේ...?කවදද උබ මහ රෑ කනත්ත අස්සේ එන එක නවත්තන්නේ........?

හ්ම්.....හැමදම වගේ ඊයේත් මම නිදාගත්තේ මගේ සුමීගේ සොහොන උඩ.......මොනතරම් බිව්වත් මොන කෙල්ල එක්ක නිදා ගත්තත් මට ඕන වුනේ ඒ උණුහුම විතරයි.ඒ උණුහුම විතරමයි.ඒ නිසායි හැමදාම මම අන්තිමට එතන නතර වෙන්නේ.....

ඒ හැමදාම ටේ මාව උස්සගෙන ගෙදර අරගෙන ඇවිත් ඇදුම් මාරු කරවලා ඇදෙන් නිදිකරවනවා.රෑට මට panic attack එන්න ඉඩ වැඩී කියලා නූනා කියපු නිසා මගේ ලගම නිදියනවා.නැත්නම් හොබී හ්‍යුන්ග් ජන්ග්කුකා මේ කවුරුමහරි.යුන්ගි හ්‍යුන්ග් සමහර දවසට මගේ ළඟ.ජින් හ්‍යුන්ග් උදේ පාන්දරම එයාගේ ගෙදරින් කෑමත් අරගෙන dorm එකට ඇවිත් ඉස්සෙල්ලාම එන්නේ එයාගේ සෙල්ලක්කාර බේබදු මල්ලිව හොයාගෙන.නම්ජූන් හ්‍යුන්ග්.....හ්ම්....වචනයක්වත් නොකියන ඒ මූනේ තියන හැඟීම් මට තෝරගන්න බෑ .

ඒත්...................................................................
ඔව්,ලෝකයක් දන්න පාර්ක් ජිමින් දැන් සෙල්ලක්කාර බේබද්දෙක්.ඔව්, සුමී ඔයා ගියේ ඔයාගේ මිනීව බේබද්දෙක් කරලා..............
සුමී නැතිවුණ එක මට තවම විශ්වාස කරන්න බෑ .ඒ නිසාම මම බෝතලේට ඇබ්බැහි වුනා.එදා සුමීගේ අවසන් කටයුතු හ්‍යුන්ග්ලා වගේම නූනලා මුල්වෙලා කලේ මට හරි හමන් සිහියක් නැති නිසා.

සුමී................................................................

හ්ම්......................

ඇයි මම විතරක් පොරොන්දු රකින්න ඕන......?

තමුන් මගේ ළඟ ඉන්නම් කිව්වා......

මට පොරොන්දු වුනා.ඒත් මාව දාලා ගියා........................
මට කිව්වට මම ඒ දේවල් පොරොන්දු වුනේ නෑනේ................................

Spring day Where stories live. Discover now