დ10დ

194 44 16
                                    

ඉමක් කොනක් නොපෙනෙන ලෙස සුවිසල් වපසරියක විහිදී ගිය වැසි වනාන්තරය වගේම ඒ ආසන්නයෙන්ම ගලාගෙන යන රයින් ගඟ ඔස්ට්‍රියාව මිහිපිට ඇති දිව්‍ය විමානයක් බව තව තවත් තහවුරු කරනවා.

ඒ උතුරු දෙසින් හමා ගෙන සීතල සුළඟ සමඟ මගේ කෙස් රැලි දඟ කරද්දි බෙල්ගෙ හිතුවක්කාර ඇස් රයින් ගඟ පැත්තට යොමු වෙලා තිබුණා.

අද රයින් ගඟ ළඟ කාලය ගත කිරීමට අපගේ කොලේජයේ උසස් අධ්‍යාපනය හදාරන අපිට වාසනාව ලැබුණා.

මේ අවුරුදු දෙක තුළ බෙල්,එමා මගේ කතාවෙ අමතක කරන්නම බැරි වුණ චරිත දෙකක් වුණා .

අනිත් අය විනෝද වෙද්දි විශාල අතු පතර විහිදුනු රෙඩ්වුඩ් ගසක් යට අපි තුන් දෙනා කාලය ගත කරේ රයින් ගඟ පැත්තෙන් හමා එන සිසිල් සුළඟේ පහස විඳි ගැනීමට ය.

එමා ශර්ලොක් හෝම්ස් කතා පොතක් අතර අතරමං වෙද්දි බෙල් ට මගේ උකුල  නිදි යහනක් වුණා.ඇසි පිය හෙළන්නෙ නැතුව දවසක් වුණත් බෙල් දිහා බලාගෙන ඉන්න පුලුවන් .

මුලු ලෝකෙම බෙල්,ලෝරා කියන චරිත තුළින් දැක්කෙ තවත් එක් යෙහෙළියන් දෙදෙනෙක්ව පමණයි.නමුත් අපි හදවතින් එකිනෙකාට ආදරය කරා.මගේ ආදරය නම් සමාජෙ වගේම බෙල් ඉදිරියේත් රහසක්ම වුණේ එයා ඉදිරියේ දි පවා මගේ ආදරය ,හැඟීම් පරිස්සමින් මම හිත ඇතුළෙ ම තියාගනිපු නිසා.ඒත් බෙල්ට නම්  නොදැනුවත්ව ම එයාගෙ හැඟීම් මම ළඟ දිග හැරුණා.

මම එයාට ආදරෙයි.ඒත් මම හැම මොහොතකදි ම එයාව යාලුවෙක් විදියට දකින්න උත්සහ කරා.මොකද අපි යාලුවො විදිහට හිටියොත් අපේ බැඳීම සදාකාලික වේවි.ඒත් ලෝකයා හමුවේ ආදරය කරොත් බෙල් මගේ වේවි ද?😣.මට ඕනෙ බෙල්ව හැමදාම මගේ ළඟ තියාගන්න.

එතකොට මගේ ආදර කතාවෙ පර්ච්ඡේද  එකින් එක ගණින් වැඩි වේවි.ඒත් ඒ හැම අකුරක් පසුපසම ගැඹුරු අර්ථයක් සැඟවී තියෙයි.හරියට මගේ ආදරය වගේ.

"ලෝරා"

මම මනෝ ලෝකෙන් අවදි වුණේ බෙල්ගෙ කටහඬ ඇහුන නිසා.

කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන එක සම්මතයක් වුණ කෙල්ලෙක් කෙල්ලෙක් ට හරි කොල්ලෙක් කොල්ලෙක්ට හරි ආදරය කරන එක පිළිකුලක්,අසම්මතයක්, ලෙඩක් වුණ අමුතු සමාජෙක අපේ ආදර කතාවත් රහසක්ම වේවි.මොකද ආදරය කියන්නෙ ඕනම මොහොතක ඕනම කෙනෙක් ගැන ඇති වෙන්න පුලුවන් පිවිතුරු හැඟීමක්.

END

─❀𝑹𝒖𝒕𝒉❀●──

Miss YouWhere stories live. Discover now