დ05დ

143 43 7
                                    

අද සෙනසුරාදා . ඒ කියන්නෙ මම ආසම දවසක්.මොකද දවසෙම ප්ලේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න පුලුවන් නිසා.

අපි වොලිබෝල් ප්‍රැක්ටිස් කරන වෙලාවෙ ලෝරා හොස්ටල් එකේ ඉඳලා පුස්තකාලය පැත්තට ඇවිදගෙන යනවා දැක්කා.ඒකට ඇවිදිනවා කියන්නත් බෑ.මොකද නට නට තමයි එයා ඇවිදින්නෙ.පිස්සු කෙල්ලෙක්.

එයා පොත් කියවන්න හරිම ආසයි.මොකද ලෝරා විවේක තියෙන හැම වෙලාවෙම පොත් ගුල්ලි වගේ පුස්තකාලය ඇතුලෙම තමයි.

එයා ගිහින් විනාඩි පහකට පස්සෙ මමත් පුස්තකාලය පැත්තට ගියා.පොත් කියවන්න නම් නෙමෙයි.

ඒත් මම අතට අහු වුණ පොතකුත් අරගෙන ලෝරාට ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා.

කෙල්ල නම් පොතේම තමයි.හැරිලාවත් බලන්නෙ නෑ.ඒත් එක පාරටම කෙල්ල ඔලුව උස්සලා මම දිහා බලාගෙන හිටියා.

කඩා හැලෙන දිග කොණ්ඩෙ උඩට කරලා පෝනි ටේල් එකක් දාලා හිටපු ලෝරා කළු පාටට හුරු උරපටි ගවුමට හරිම ලස්සනයි .

රෝස පාටට හැරුණු කම්මුල්, ස්ටෝබෙරි පාට තොල්, ඝනට වැවුනු ඇහි බැමි ,ඒ කතා කරන ඇස් දෙක මාව වෙනමම ලෝකෙක අතරමං කරනවා.

කෙල්ල මම දිහා බලාගෙන ඉදලා ලාවට වගේ හිනා වෙලා ආයිමත් පොත කියවන්න පටන් ගත්තා.

ඊළගට මගේ ඇස් දෙක නතර වුණේ එයාගෙ අතේ බැඳලා තියෙන කළු පාට වොච් එකට.ඒ වොච් එක එයාගෙ ගෝල්ඩන් කලර් ස්කින් එකට හොඳට ගැළපෙනවා .

"බෙල් ඔයා මේකට ආසයි වගේ.ආ මේක ඔයා තියා ගන්න.මගෙන් පොඩි තෑග්ගක් කියලා හිතන්නකො."

ඒ වචන තාමත් මගේ මනසෙ දෝංකාර දෙනවා.

ඒත් මම ලේඩිස් වොච් බැන්දෙ කවදද ?

මගේ අතට දීපු වොච් එක ආයිමත් මම එයාගෙ අතේ බැන්දා.

කෙල්ලගෙ අත් ගොඩක් සීතල වෙලා තිබුණා.ඒ මොහොත මට නම් කල්පයක් වගේ.ඒ වෙලාවෙ කෙල්ලගේ මූණ චෙරි ගෙඩියක් වගේ රතු පාට වුණේ ලැජ්ජාවටද?

●───❀𝑹𝒖𝒕𝒉❀●──

Miss YouWhere stories live. Discover now