හිමි අහිමිවීම

Start from the beginning
                                    

Jimin's pov

අවුරුදු 6ක් ඔව් අවුරුදු 6ක් එදා මුන ගැහුනට පස්සේ මම ඔයා වෙනුවෙන් අවුරුදු 6ක් බලාගෙන හිටියා.
මුලදි මුලදි මම හිතුවේ ආකර්ශනයක් කියලා.

මම ඔයා ගැන හොයන්න ගත්තා.
මම හැමදේම ඔයා ගැන හොයාගත්තා.
ඔයාගේ සම්චූන් ගැන පවා.

මම ඊළඟට හ්‍යුන්ග්ලාගේ උදවු අරගෙන ඔයාට scholarship එකක් දුන්නා.මොකද මම බයවුනා.

ඔව්,මම ආදරේ කරන්න අරගෙන ඔයාට.මම බයවුනා.ඔයාට සම්චූන් ගැන තියන ගෞරවය නිසා සම්චූන් කියන කෙනෙක්ව marry කරාවි කියලා.ඒ නිසා මමම ඔයාගේ සම්චූන්ව මුන ගැහෙන්න ගිහින් ඔයා ගැන කතා කලා.මම අවුරුදු හයකට කලින්ම ඔයාගේ හැම වගකීමම භාර ගත්‍තා නාරි.

මම කැමති නෑ මගේ wife කාගෙවත් ණයකාරයෙක් වෙනවට.මට සමාවෙන්න මම එහෙම කිව්වට.ඒත් නාරි ඒකයි ඇත්ත.ඔයාව මට වැඩි නෑ .මේ තියන සල්ලි මහේ wifeට වියදම් කරන එක පාඩුවක් නෙවෙයි නාරි.

මුලින්ම ඔයාගේ සම්චූන් මට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ .මගේ අතීතය හොද නැති නිසා.ඒත් පස්සේ මම එයාටා ඔප්පු කලා මම තවදුරටත් ඒ සෙල්ලක්කාරයා නොවන බව.ඒ වගේම ඔයාගේ ඔම්මොනිටත්.

අවුරුදු හයක්....අවුරුදු හයක් ඔයාට නොදැනෙන්න මම ඔයාගේ පිටිපස්සෙන්ම හිටියා නාරි.ඔයාගේ එක කෙස් ගහකින්වත් අල්ලන්නේ නැතුව අවුරුදු හයක් ඈතින් ඉඳලා ඔයා දිහා බලන් ඉඳලා මම ආදරේ කලා.ආදරේ කරනවා.

ඔයාව බලන්න ඕන වුනාම මම නූනාට වද තිස් දෙකම දෙනවා.ඊළඟට හොරෙන් uni එකට ඇවිත් ඔයා දිහා බලන් ඉන්නවා.ටේයියා,කුක්කා තමා හොඳම කට්ට කෑවේ.

සමහර දවසට ජුනී හ්‍යුන්ග් එයා නම් එන්නේ වෙන වැඩකටනේ.නැත්නම් හොබී හ්‍යුන්ග් .

මම ඔයා වැටෙන තැන් දිනන තැන් මේ හැම තැනකදිම ඔයා ළගින්ම හිටියා මගේ නාරි.ඔයාගේ graduation එකට පවා මම ආවා.ඒත් කවමදාකවත් ඔයාගේ ඇස්වලට මාව අහුවුනේ නෑ .පොඩි දුකක් තිබ්බත් මම හැමදේම ඉවසුවේ ඔයාගේ හීනෙට යන්න ඕන නිසා.

අද මම ඔයාගේ ඉස්සරහට එනවා.ඔයා මට මොන විදිහට respond කරාවිද මම දන්නේ නෑ .නූනා ඔයා මගේ ළගට එක්කගෙන ආවම මම ඔයා දිහාම බලන් හිටියේ අවුරුදු 6කින් මම ඔයාව මේ තරම් ළගට දකින නිසා.

Spring day Where stories live. Discover now