"හ්ම්.හ්ම්.කමක් නෑ ටිකක් ඉවසන්නකෝ..."

එහෙම කියලා ටේ ජන්කුක්ගේ පපුවේ ඔලුව ගහන් ඉන්න ගමන් ජන්කුක්ත් ටේගෙ ඔලුව පිරිමැද්දේ අනුකම්පාවෙන් වගේ.මේ සේරම දිහා මේ තරම් වෙලා බලාගෙන හිටපු හෝසෝක් හිනාවෙලා තමන්ටම වගේ...

"ටේ බබා.එහෙනම් මේ නපුරු මිනිහවත් ළගදිම වෙනස් කරයි වගේ."

පසුව හෝසෝක් ටේට...

"එහෙනම් ටේ බබා.ඩැඩී එක්ක බෙහෙත් අරන් ගෙදර යන්න හොදේ.හෝසෝක් හියුන්ට දැන් පේශන්ලා ගාවට යන්න තියෙනවා."

හෝසෝක් එහෙම කියද්දි ඔලුව උස්සලා බලපු ටේ මලානික හඩකින්...

"හලි.හෝස් හියුන්ගි.බායි."

"ආයිෂ්. ටේ බබා හෝස් නෙවෙයි.හෝසෝක්."

"ආහ් සොලි.හෝසෝක් හියුන්ගි."

එහෙම කියලා ආපහු ජන්කුක්ගේ පපුවේ මූණ හංගගත්තේ හෝසෝක් ද එතනින් පිටවෙද්දි.


ඒ අතර කලබලයෙන් ටේහ්‍යුන්ගේ නිවසට ආ ජිමින් කෑ ගහන ගමන් කලබලයෙන්ම ටේව හොයන්න ගත්තේ නිවසේ සාලයට වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන සිටි ටේගේ මවත් පුදුමයෙන් ඔහු ඉදිරියට පැමිණෙද්දි....

"ටේ.....ටේ....."

"ඇයි ජිමින් පුතේ..."

"කෝ ආන්ටි ටේ."

ජිමින් කලබලයෙන් අහද්දි ටේහ්‍යුන්ගේ මව බිම බලාගත්තා.

"ඇයි ආන්ටි මේ.ටේ කෝ."

"පුතේ එයාව ජේහ්‍යුන්ග් එක්කගෙන ගියා."

"අන්කල්ම කියලා ශුවර්ද ආන්ටිට."

"ඇයි පුතේ එහෙම අහන්නේ."

ටේහ්‍යුන්ගේ මව පුදුමෙන් එලෙස පවසද්දි තමන්ගේ ෆෝන් එක අතට ගත්තු ජිමින් එහි යමක් පීරමින් සොයා ටේගෙ මව වෙත පෙන්නමින්...

"ආන්ටි මේ ටේ නේද."

ඒ දෙස බැලූ මවගේත් දෑස් විසල් වීමට වැඩි කාලයක් ගියේ නෑ.

"ඔව්.ඔව්.මේ එයා තමයි.ඒත්..එ..එයා කොහෙද මේ ඉන්නේ."

"ආන්ටි ටවුන් එකේ තිබුන කාර්නිවල් එකේ මොකක්ද කලබලයක් වෙලා තියෙනෝ.එතන ටේ රෝලර් කෝස්ටර් එකේ ඉදලා තියෙන නිසා මේ ෆොටෝවලටත් එයාව අහුවෙලා තියෙන්නේ.හැබැයි එයාගේ අප්පාගේ හෙවණැල්ලක්වත් ගාඩ් එකක්වත් එතන තිබිලා කියලා නම් පේන්නේ නෑ."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now