Chapter 18. [End]

2.6K 397 40
                                    

NO ONE POV

"කිම් තේහියුන්ග් වන මම, ජොන් ජන්කුක් වන ඔබව මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුශයා ලෙස පිලිගන්නා බව මෙහි රැස්ව සිටින සියලු දෙනාම ඉදිරියේ දිවුරා ප්‍රකාශ කරමි."

"ජොන් ජන්කුක් වන මම, කිම් තේහියුන්ග් වන ඔබව මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුශයා ලෙස පිලිගන්නා බව මෙහි රැස්ව සිටින සියලු දෙනාම ඉදිරියේ දිවුරා ප්‍රකාශ කරමි."

ඒ වචන.. ඒ දිවුරුම්.. ඒවා පිටවුනේ හදවතින්මයි..

ජන්කුක්ගෙ ඇස් දෙකේ කදුලු කැට දෙකක් පිරීගෙන ආවෙ සතුට වැඩි කමටමයි. එයාගෙ විතරක් නෙමේ.. තේහියුන්ගෙ ඇස් වලත් කදුලු පිරිලා..

අන්තිමට ඒ දෙන්නා හස්බන්ඩ්ලා..

තේහියුන්ග් එයාගෙ හස්බන්ඩ්ගෙ ඉනවටේ අතක් දාලා එයාව එයාගෙ ලගට ඇදලා ගත්තෙ, ඒ හිනී තොල් වලට බර වෙන ගමන්මයි. ඒ හාදුව ගොඩක් වෙනස්.. ඒ හාදුවේ ගැබ්වෙලා තිබ්බෙ ආදරේ විතරමයි..

"මං ඔයාට ආදරෙයි ඒන්ජල්.." තේහියුන්ග් කියපු ඒ වචන ජන්කුක්ට ඇහුනේ ලාවට වගේ.. ඒ තරම් හයියෙන් එයාලගෙ පවුලෙ අයයි යාලුවොයි සතුටින් කෑගහනවා...

"මාත් ආදරයි හබී.. මේ ලෝකෙ වෙන කාටවත් නැති තරම්."

◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇

"මං කිසිම හේතුවකට ගව්මක්නම් අදින්නෙ නෑ."

"අයියෝ ජන්කුක්! මේක ඔයාගෙ honeymoon එක. ඔයාගෙ කොටියව පොඩ්ඩක් පිස්සු වට්ටලා ගන්නකෝ. අද රෑට හොද fun එකක් ගන්න ඕනි නැද්ද?"

"ඔයා ඔහොම නෙමේ කොහොම කිව්වත් මං ගව්මක්නම් අදින්නෙ නෑ. මේ තියෙන ගව්ම් කෑලි ඔක්කොම එහා මෙහා පේන ඒවයි, එහෙන් මෙහෙන් පේන කොට කෑලී. චැ ලැජ්ජ නැද්ද මේව අදින්න. අනික මොනාද මේ තමුන් මගේ suitcase එකට කෙල්ලන්ගෙ යට ඇදුම් ඔබලා තියෙන්නෙ?" ජන්කුක් ඇහුවෙ දත් මිට කන ගමන්.

එයා ඉදියෙ යුන්ගිත් එක්ක call එකක. වෙලාවට තේහියුන්ග් ඉදියෙ bathroom එකේ නිසා එයාට ජන්කුක් කියන දේවල් ඇහුනෙ නෑ.

"මෝඩයෝ. ඔහේ ඔය ඇවිත් තියෙන්නෙ ඔහේගෙ honeymoon එකට. Honeymoon ඇවිල්ලා ලැජ්ජ තියෙන දේවල් කරන්නෙ නෑ කවුරුවත්. ඔන්න ඔය ගවුමක් ඇදගන්නවා. අර රතු පාට එක මාර sexy. තේහියුන්ග් ඔයාව පනපිටින් කාවි."

My Angel ♡Taekook Sinhala♡《Complete》Where stories live. Discover now