Chapter 15.

1.9K 418 32
                                    

NO ONE POV

"Club එකකදි?"

"හ්ම්ම්."

"අපි කොහොමද-

"අපි එකට නිදාගත්තා. Club එක ඇතුලෙ room එකක." ජන්කුක් එහෙම කිව්වම තේහියුන්ග් එයා දිහා බැලුවෙ බය වෙලා වගේ. එයා ඇත්තටම හිතුවෙ ජන්කුක් කියන්නෙ බොරුවක් කියලා..

"මොකද ඔය විදිහට බලන් ඉන්නෙ?" ජන්කුක් ඇහුවෙ එයා දිහා කන්න වගේ බලාගෙන ඉදිය තේහියුන්ගෙන්..

"ඔයා ඔය බොරු නේද කියන්නෙ?"

"ඒ මොන එහෙකටද මං බොරු කියන්නෙ?"

"අපි-අපි ඇත්තටම එකට-

"ඔව්."

"නෑ. එහෙම වෙන්න බෑ. මට එහෙම කිසිම දෙයක් මතක නෑ." තේහියුන්ග් කිව්වෙ හොද ආත්ම විශ්වාසයකින්.

"ඒක හින්දා තමා මං ඔයාට ආයිත් තනියම බොන්න යන්න දෙන්නෙ නැත්තෙ. අවුරුදු 29ක් වෙනවා. ඒත් චුට්ටක් බිව්වට පස්සෙ, වෙච්ච දේවල් ඊලග දවසෙ මතක නෑ." ජන්කුක් බනිනකොට තේහියුන්ග් එයාගෙ ඔඩොක්කුව දිහා බලාගෙන ඉදියෙ පූස් පැටියෙක් වගේ..

"මං ඇත්තටම ඔයත් එක්ක නිදා ගත්තද?" තේහියුන්ග් ආයිත් පාරක් ඇහුවා.

"ඔයාගෙ ඩින් ඩොන් එකේ size එක මං අගල්වලින් කියන්නද?"

"ම්-මොකක්?"

"ඔයාගෙ දකුණු පස්ස පැත්තෙ ටිකක් වමට වෙන්න උපන් ලපයක් තියෙනවා." ජන්කුක් කිව්වෙ කිසි ගානක් නැතුව. තේහියුන්ග්නම් ඉදියෙ රතු පාට වෙලා. අපරාදෙ කියන්න බෑ.. එයගෙ ඒන්ජල්ට ලැජ්ජාව කියන එකනම් ගෑවිලාවත් තිබ්බෙ නෑ.

"එතකොට අපි දෙනනා අර අරක කරාද?"

"මොන අරකද?"

"අර අරක ඒන්ජල්. ඔයා දන්නවනේ."

"මොකවත් කරේ නෑ. බය නැතුව ඉන්න." ජන්කුක් කිව්වෙ ලාවට හිනාවෙන ගමන්.

"ඒත්-ඒත් ඔයා කිව්වෙ අපි දෙන්නා-

"මං කිව්වෙ අපි දෙන්නා එකට නිදා ගත්තා කියලා. අර අරකක් කරා කියලා නෙමේ."

"ඕඕ.. ඒත් එතකොට ඔයා කොහොමද මගේ- මේ- අරක-

"උපන් ලපේ ගැන දන්නෙද?" ජන්කුක් එහෙම ඇහුවම තේහියුන්ග් ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ.

My Angel ♡Taekook Sinhala♡《Complete》Where stories live. Discover now