Chapter 1.

4K 493 36
                                    

KTH POV

මගෙ රෝස මල..

මගෙ පුංචි සුරදූතයා..

මගෙ angel..

එයා ගොඩක් ලස්සනයි.. හරි අහිංසකයි.. මගෙ පුංචි හා පැටියා....

මං දැන් මගෙ කොලු පැටියා දිහා බලාගෙන ඉන්නෙ විනාඩි විස්සක තිස්සෙ ඉදන්.. ඒත් කොච්චර බාලාගෙන ඉදියත් පොඩ්ඩක්වත් එපානම් වෙන්නෙ නෑ..

එයා හරි ලපටී.. ලාමක පාටයි..

හරියට ලෝකෙ තියෙන නපුරු දේවල් ඇහැටවත් දැකලා නැති මල් පොහොට්ටුවක් වගේ..

අනේ මට එයාව මගේ තුරුලෙ තියාගෙන හාදු වලින් නාවන්න පුලුවන්නම්.. මගේ පපුව අස්සෙ හංගගෙන මේ ලෝකේ තියෙන හැම නරක දෙයකින්ම පරිස්සම් කරන්න පුලුවන්නම්.. අනේ මට එයාව මගේම කර ගන්න පුලුවන් නම්..

ඒත් මට ඒක කරන්න බෑ..

මට බයයි..

ඔව්.. මං බයගුල්ලෙක්.. මං ඒක පිලිගන්නවා..

එයා ගාවට ගිහින් මගේ හිතේ තියෙන ආදරේ එයාට කියන්න තරම් හයියෙක් මට නෑ..

මං ඇත්තටම බය ආදරේ ප්‍රකාශ කරන්න නෙමේ.. මං බය උනේ ප්‍රතික්ෂේප වෙන්න.. අදරෙන් පරාද වෙන්න..

ඒ විතරක් නෙමේ මගෙ අම්මයි තාත්තයි.. එයාලා මොනවා කියයිද? සමාජෙ මිනිස්සු මං ගැන මොනව හිතයිද?

ඒත් මං වෙනස් වෙනවා.. මට පුලුවන් වෙනස් වෙන්න.. මං හිතන විදිහ වෙනස් කරගන්න..

මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් රෝස මල.. මට තව ටික කාලයක් දෙන්න.. මං ඔයාගෙ මූන ඉස්සරහට එන්නම්..

මට තව පොඩි කාලයක් දෙන්න..

වැඩි දවසක් යන්න කලින්, මං ඔයාව මගේම කරගන්නම්..

"Sir, අපි දැන් යන්න ඕනෙ. තව විනාඩි 15කින් sirට meeting එකක් තියෙනවා."

මං තව විනාඩි දෙක තුනක් park එක මැද්දෙ පූස් පැටව් දෙන්නෙක් එක්ක සෙල්ලම් කරන මගෙ හාපැටියා දිහා බලන් ඉදියා..

හෙට ආයිත් හම්බවෙමු මැනික..

"යං office එකට." මං මගෙ driverට කිව්වෙ car එකේ ජනේලේ වහන ගමන්.

Sorry for mistakes and thanks for reading..

My Angel ♡Taekook Sinhala♡《Complete》Where stories live. Discover now