ටේහ්‍යුන්ග් දිහා ඇස් දොට්ට පනින්න තරම් පුදුමෙන් බලාගෙන හිටපු ජන්කුක් කිව්වා.......

"මේ මුකද මේ ටේටේගෙ අත් බැදලා..... ඈහ් කාල් එකත් වෙනස් වෙලා මාලයිනේ...."

"ඔ....ඔයාට වුන කිසිම දෙයක් මතක නැද්ද...."

"අලේ........ අප්පලගේ ගෙදල ඇවිල්ලාආආආආආආ..............."

මැන්ශන් එක දැක්ක ගමන් ටේ ජන්කුක්ට උත්තර නොදී කෑ ගැහුවේ ජන්කුක්ගේ කන ළග ඝාණ්ටාර වදිද්දි.......

"අනේ මේක ලිහන්නකූ....... අලේ මුකක්ද අනේ..... ටේටේට අප්පා බලන්න යන්න ඕනී.......හුවෑඈඈ........"

ටේ සීට් එක උඩ පැන පැන කෑ ගහන්න ගත්තා..... ටේහ්‍යුන්ග් ළග නොපෙනෙන බලවේගයක් තියෙනවා කියලා හිතා ගත්ත ජන්කුක් මුකුත්ම නොකියා ටේගේ අත් දෙක ලිහුවා..........




"අප්පා.............................."

මැන්ශන් එක ඇතුළට ටේ කඩාගෙන පෙරලගෙන ගිහිල්ලා මිස්ටර් කිම්ගේ බෙල්ලේ කෝලා බෙයා කෙනෙක් වගේ එල්ලුනේ මිස්ටර් කිම්නුත් ටේව ගොඩක් ආදරෙන් වඩාගද්දි........

"ඔයා ආවා නේද ටේටේ අප්පව බලන්න....."

මිස්ටර් කිම් ටේගෙ හිස පිරිමදින ගමන් කිව්වා.......

"ටේටේ අප්පට ආදලෙයිනේ...... අද නම් මට හොලෙන් එන්න ඕනි වුනේ නෑ......"

"ඒකනේ අප්පම ඔයාව එක්කන් එන්න කෙනෙක්ව යැව්වේ.....එයා නපුරුයි හැබැයි.......ඔයාට මුකුත් කරදරයක් කරේ නෑනේ......"

මිස්ටර් කිම් එහෙම කියද්දි එයාගේ ඇගෙන් බැස්ස ටේ හැරුනේ පැත්තකට වෙලා මේ සේරම බලාගෙන හිටපු ජන්කුක්ට....... එකපාරටම දුවලා ගියපු ටේ කාපි යකා කිව්වා වගේ ජන්කුක්ගේ ඇගට පැන්නේ ජන්කුක් බැලන්ස් එක හදාගෙන ටේව අල්ලගෙන මේ මොන මගුලක්ද ඒ සැරේ කියන්න වගේ බලාගෙන ඉදිද්දි........

"ගෝනිබිල්ලෝ........ ටේටේ ලාවියෝ.....උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්.."

ජන්කුක්ගේ බෙල්ලේ එල්ලිලා හිටපු ලිට්ල් ටේටේ එහෙම කියලා ජන්කුක්ගේ කම්මුල්වලට දිග කිස් එකක් දුන්නේ වටේ හිටපු බොඩිගාඩ්ලා මූණට මූණ බලාගනිද්දි...... එකපාරටම වුනේ මොකක්ද කියලා ජන්කුක් අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉදිද්දි මිස්ටර් කිම් හොදටම හිනාවෙන්න ගත්තේ ටේ තාමත් බොක්සි ස්මයිල් දාගෙන ජන්කුක්ගේ රතු වෙච්ච මූණ දිහා බලාගෙන ඉන්නකොට........

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now