Last chapter

442 80 81
                                    

යාහ් ජන්කුකා නැගිටිනවා. අද ඔෆිස් යන් නැද්ද මනුස්සයෝ. දෑන් අටත් පහු වෙලා.

අනේහ් තව ටිකක්.....
උදේ පාන්දර හියුන්ගේ සද්දෙට යන්තම් ඇහැරුණු මම නිදිමරගාතෙම කිව්වේ තව ටිකක් නිදා ගන්න ඕනි නිසා.උදේ පාන්දර හීතලේ බෙඩ්ෂීට් එක අස්සේ ගුලි වෙලා නිදාගන්න තරම් සැපක් වෙන කොහෙවත් නෑ.

කෝ කෝ නැගිටින්න කුකී.දැන් ඇති ඔය

කොහෙද මේ හියුන්ග් එක්ක බෑනේ. සසර පුරුද්දටද කෙහෙද ජිමිනි හියුන්ට පාන්දර හය වෙද්දී ඇහැරෙනවා.දැන් ඊටත් කලින් නැගිටිනවා.යුමී නූනා වැඩට යන්න කලින් එයත් එක්ක හුරතල් වෙන හියුන් එයා ගියාට පස්සේ මගේ ලව් එකට බාල්දි පෙරලනවා.

අනේ හියුන් කුචු කවන්න එපා අනේහ්

අදත් පටන් අරන් සුපුරුදු රාජකාරිය.මන් නැගිටින් නැති බව හොදටම දන්න හියුන් මාව ඇහැරවන්න ඕනි කමට බඩ කුචු කවනවා. මාත් ඉතින් බෝලේ වගේ පෙරලිලා ඇදේ එහා කෙරෝලට ගියේ හියුන් කුචු කවනකොට ඉන්න බැරි නිසා.හියුන් ඇද වටේ රවුමක් ගිහින් ආයෙම මගේ පැත්තට ඇවිත් ආයේ මාව කුචුකවනවා.ආයෙත් බෝලේ වගේ පෙරලිලා ඇදේ අනිත් පැත්තට ගියාම ආයෙත් ඇද වටේ රවුමක් ගිහින් මන් ගාවට ආවා.හැම උදේම හියුන් මේ වගේ ට්‍රිප් එකක් යවන එක දැන් මට පුරුද්දට ගිහින්

යාහ් නැගිටින්න අනේ.මගේ අත් දෙකත් රිදෙනවා දැන් මේක කරකෝලම.

හියුන් කියන දේ ගානකට ගන් නැතුව මම නිදිවගේම හිටියා.ටික වෙලාවකින් සද්දයක් නැති පාර ලාවට ඇරගන ඉදිය ඇහැ තව ටිකක් ලොකු කරලා බැලුවේ මොනාද කරන්නේ කියලා. නිදි වගේ හිටියට හොරාට ඇහැ කොනෙන් බලාගන ඉදියේ මොනාද කරන්නේ කියලා.අලබෝලේ වගේ පෙරලුනොත් කාට කියන්නද??

ඇදේ එක පැත්තක් අල්ලගෙන එයා හිමීට නැගිටින්න හදනවා. නැගිටින්න හදන පාරක් ගානේ ආයේම වීල්චෙයාර් එක උඩට වැටෙන හියුන් දිහා මට තව වෙලා බලාගෙන ඉන්න බැරි වුණා. ඇදෙන් නැහිටිලා ඇවිත් හියුන්ව ඇද උඩින් වාඩි කරපුවාම එයා මන් දිහා බලලා අහිංසක විදියට හිනා වුණා.

My powerless Hero || Completed ||Where stories live. Discover now