"යාහ්...........දෙන්නම නවත්තගන්නවා...."

ඔම්මා එකපාරටම කෑ ගහද්දි එයාගේ කටේ සද්දෙට බය වුණු ටේ ජින්ගේ කර උඩ නැගගෙනම එකපාරටම කෙළින් වෙද්දි ජින් හිටියේ තාමත් එයාගේ ඇස් දෙක ටේගෙ අත්වලින් වැහිලා තිබුනු නිසා කිසිම දෙයක් පේන්නේ නැතුව බඩුවල හැප්පි හැප්පි ඔහේ එහෙට මෙහෙට පැද්දෙන ගමන්.......

"ඔය අත ගන්නවා ටේ............."

" හුවෑඈඈඈඈඈඈඈඈඈඈඈ........"

ජින් එහෙම කෑ ගහද්දි එකපාරටම ජින්ගේ ඇගෙන් බිමට පැන්න ටේ මරහඩ දීලා අඩන්න ගත්තේ ජින්වත් ඔම්මවත් අන්දමන්ද කරලා......

ටේ බිම වාඩි වෙලා අඩන්න ගද්දී හිමීට ඔම්මා එතනට ආවේ ජින් නම් මූ හැදෙන්නේ නෑ වගේ බැල්මකින් ටේ දිහා බලද්දි........

"ටේ බබා...... ඔයා නේද දැන් හියුන්ට කරදර කරේ...... ඇයි ඔයා අඩන්නේ...." බොහොම සන්සුන් ස්වරයෙන් ඔම්මා එහෙම අහනකොට අඩන ගමන් ජින් දිහාට දවා අලුලන බැල්මක් එක් කරපු ටේ................

"මේ ජිල් බෝලේ හොල්මන් පිල්ම් එකක් දාන්න හැදුවා....... එයා දන්නවා ටේටේ ටේ වුනාම හොල්මන්වලට බය නිසා ලෑට නිදා ගන්නේ නෑ කියලා..... ටේව බා කලන්න එයා ඒම කලේ........හුවෑ......"

"ඒයි ඒයි...... මොනාද තමුන් ඔය කියවන්නේ......."

"අල......එයා බෑද් වර්ද්ස්(bad words🙂) කියනවා ටේටේට......"

ටේ එහෙම කියලා ඔම්මගේ උරහිසේ ඔලුව තියාගෙන අඩද්දි මේ නාඩගම දිහා පිටිපස්සෙ ඉදන් බලන් හිටපු ජින්ට දිව දික් කරේ ජින්ට එයාගේ අතේ තිබ්බ රිමෝට් එකෙන් ටේගෙ ඔලුවට හොද පාරක් ගහන්න හිතෙද්දි.........

"හ්ම්ම්.....හ්ම්ම්..... දැන් ගොඩක් රෑ වෙලා....... ලයිටුත් ඕෆ් කරගෙන මොන හොල්මන් ෆිල්ම්ද බලන්න හැදුවේ..... ජින් ඔයා ගිහින් නිදා ගන්න........."

"ශිට් ගෙදර ආපු දවස්වලටවත් නිදහසේ ඉන්න නෑනේ....... ඔම්මා තමා මේ යක්ෂ පැටියව තවත් නරක් කරන්නේ......" එහෙම කියපු ජින් රිමෝට් එක සෝෆා එකට විසික් කරලා එයාගේ කාමරයට ගියා........ තාමත් බොරුවට ඉකි ගගහා හිටපු ටේගේ ඔලුව උස්සලා එයාගේ ඉස්සරහින් තියාගත්තු ඔම්මා........

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Onde histórias criam vida. Descubra agora