නික්මයාම

Start from the beginning
                                    

"හ්‍යුන්ග්.........පිස්සුද ඔය දෙන්නට...? පේන්නේ නැද්ද මගේ කෙල්ලට සීතලයි .

ඒ කෙල්ලට මගේ ළඟ ඉන්න දෙන්න....

ඇයි මාව එයාගෙන් ඈත් කරන්නේ..?

සුමී ඔයාගේ ඔප්පාට කියන්න ඔයාගේ මිනී ළඟ ඉන්න දෙන්න කියලා.....
සුමී..........

ජින් හ්‍යුන්ග් මට යන්න දෙන්න....

අනේ නම්ජූන් හ්‍යුන්ග්ට කියන්න.ඔයා කියන ඒවා අහනවනේ.......

හ්‍යුන්ග් අහපන් මිනිහෝ මගේ කෙල්ලට සීතලයි.යන්න දීපල්ලා මට මගේ කෙල්ල ලගට .

හොබී හ්‍යුන්ග් කියන්නකෝ දෙයියනේ.....මගේ අහින්සකීට සීතලයි .එයාව සීතල වෙනවා........

යුන්ගි හ්‍යුන්ග් අනේ එයාට අර බ්ලැන්කට් එක පොරවන්න.........

ඇයි මට යන්න නොදෙන්නේ....ජුනී හ්‍යුන්ග් මාව අත ඇරපන්......ඇයි ජින් හ්‍යුන්ග් ඔයත් මට මෙහෙම කරන්නේ.......
යුන්ගි හ්‍යුන්ග් අනේ මට යන්න දෙන්න කියන්න....

හ්‍යුන්ග්.........හොබී හ්‍යුන්ග් මාව මාව තේරෙනවනේ ඔයාට අනේ හ්‍යුන්ග් ......"

ජිමින් උමතුවෙන් මෙන් තම සහෝදරයන්ගේ දෑත් අතර සිරවී වේදනාවෙන් විලාප දීම ඇරඹුවේ බලා සිටි සියල්ලම හඩවමින්.

"නැහැ...නූනා නූනා මගේ නූනා.....නූනා.....

එයාට සීතලයි .බලන්නකෝ බලන්නකෝ එයාට අමාරුද දන්නේ නෑ .....

නූනා අනේ .....

සමා නූනා ඔයාවත් කියන්න.

ගායෝන් නූනා ජින් හ්‍යුන්ග්ට කියන්න මට යන්න දෙන්න කියලා..........

සෝආ නූනා අනේ මගේ කෙල්ලට සීතල ඇති නූනා....එයා සීතලට කැමති නෑ නූනා.....අනේ........."

ජිමින් හඩා වැටෙමින් පවසද්දී රූහි කෙමෙන් ඔහු වෙත ආවා.
තම දෑස් වලින් නම්ජූන් වෙත ඉගිකල රූහි ජිමින් අසලින් දණ නමා වාඩිවී තම සහෝදරයාව තමාට තුරුල් කර ගත්තා.

Spring day Where stories live. Discover now