*V:-* ආහ්...තව දෙයක්..මං ඔයාගෙ ෆිල්ම් එක බැලුවා.ඇත්තටම ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්. මට ගොඩක් සතුටුයි ඔයත් එක්ක රගපාන්න ලැබුණු එකට.

විහගිට ඒ වදන් පෙළ සම්මානයක් ලැබුනා හා සමානය.

*විහගි:-* අනේ ගොඩක් ස්තූතියි V . ඇත්තටම මට මගේ bias ගෙ කටින් ඒ වගේ වචන ටිකක් අහන්න ලැබුණු එක හරියට සම්මානයක් ලැබුනා වගේ..🙈🏆

*V:-* ඔහ්හ්..මමද අපේ කණ්ඩායමෙන් ඔයාගෙ bias ?🤗

*විහගි:-*( මදක් ලැජ්ජාවෙන් ) ඔව්..🙈 ඒත් ඔයාලා හත්දෙනාටම අනිත් Army ලා වගේම මාත් එක වගේ ආදරෙයි,ගෞරවයි කරනවා 💜💫

*V:-* අන්න එහෙම තමයි හොද army ලා. 💜

*විහගි:-* 🥰🥰 එහෙනම් අපි යමුද?

*V:-* ඔව් යමු.

ඉන්පසු V තමාගේ ආරක්ෂක නිලදාරීන් සමග  BTS House එක වෙතත්, විහගි...ඇගේ කලමණාකාරිත්වය,මින්වා හා ආරක්ෂක පිරිස සමග ඇගේ නවාතැන  වෙතටත්  පැමිණියහ.

*BTS HOUSE* 🏬💜💫

V පැමිණෙන විටදී කිසිවෙකු නිවසේ ඔහුට පේන මානයේ නොසිටියේ ය. ඊටත් මුලු නිවසම නිශ්ශබ්දය. සාමාන්‍යයෙන් කිසිවෙකු නිවසේ නොමැති විටදී මිස මෙම නිවස මෙලෙස නිශ්ශබ්දව තිබෙන්නේ නැත. ඒ තරමටම කොල්ලො හත්දෙනාගෙ මේ මාළිගයක් වැනි නිවස මේ කුමාරවරුන්ගේ ශබ්දයෙන් පිරී පවතී.
🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

*V:-* ජන්කුකා.ජන්කුකා..🗣️
කෝ ජිමිනා..ඔයාලා කොහෙදෝ...

නැත කිසිවෙකු පේන්නට නැත.

*V:-* නම්ජුනී....ජින් හියුන්ග්...හොබී හියුන්ග්...කෝ ඇත්තටම ඔයාලා...? යුන්...
මෙසේ කෑගසමින් නිවස පුරා පිරික්සන්නට විය. එවිට සේවකයන් Vගේ ශබ්දය ඇසී ඔහු ලගට විත් පැවසුවේ ඔවුන් කිසිවෙකු නිවසේ නොමැති බවයි.

*V :-* එතකොට එකෙක්වත් ගෙදර නැද්ද..? ඒ කියන්නෙ මං ගියා විතරයි ඔක්කොමලා මාව දාලා ඇවිදින්න ගිහින් නෙහ්...🤷‍♂

V ගෙ මේ විහිලු කතාවලට ආරක්ෂකයින් හා සේවකයින්ටත් සිනාය.
😂😂

*සේවකයෙක්:-*  නෑ සර්...ඔක්කොමලා නෙවෙයි... එක්කෙනෙක් ගෙදර ඉන්නවා.

හත්දින්නත් තරු 💜🌟💫जहाँ कहानियाँ रहती हैं। अभी खोजें