මදවෙලාවකින් ගුවන්ගතවීම ආරම්භ කළ ගුවන්‍යානයෙහි කවුලුවෙන් පිටත බලා ඇය දිග සුසුමක් හිලුවේ තම ටිකෙන් ටික කුඩා වී නොපෙනී යන තම රටට තාවකාලිකව හෝ සමුදීමට මෙනි.🙂✈️

🇰🇷💜

පැය කිහිපයක් ගුවන්ගමනින් පසු ඇය දකුණු කොරියාවට පැමිණ ඇත.  ඒ පිළිබදව කල නිවේදනය ඇසූ විට ඇයට දැනුනේ අමුතුම හැගීමකි. ගුවන්‍යානයෙන් බැස තමා පිළිගැනීමට  ගුවන්තොටුපළට පැමිණ සිටින පිරිස දැක ඇයට දැනුනේ අමුතුම ආකාරයේ සතුටකි.

මතකනෙ නේද....මං මුලින්ම කිව්වෙ අපේ විහගි කොරියන් පිස්සියක් නිසා ඇයට යම්තාක් දුරකට කොරියන් කතාකරන්න පුලුවන් හොදේ... ඒ නිසා එයා කොරියන්වලින් තමයි කොරියාවෙ අයත් එක්ක කතා කරන්නෙ. මටයි, කියවන ඔයාලටයි කොරියන් බැරි නිසා මං සිංහලෙන් ලියනවා.😁😁

*ලේකම්:-* හලෝ මිස් විහගි. ඔයාව ගෞරවයෙන් දකුණු කොරියාවට පිළිගන්නවා. මම මිස්ටර් පාර්ක් මියුන්ජිගෙ ලේකම් කිම් යොන්ජුන්.

*විහගි:-* හදුනාගැනීමට ලැබීම සතුටක් මිස්ටර් යොන්ජුන්. ( දකුණු කොරියානු චාරිත්‍රයට අනුව විහගිද හිස නමා ඔහුට ආචාර කලා.)

*ලේකම්:-* මිස් විහගි, මේ ඉන්නෙ ඔයාගෙ පෞද්ගලික සහයිකාව මින්වා. ඔයා දකුණු_කොරියාවේ ඉන්නකම් එයා ඔයාගෙ සහයට ඉදියි.

*මිනවා:-* ඔයාව ගෞරවයෙන් පිළිගන්නවා.

*විහගි:-* ඔයාවත් හදුනගන්න ලැබීම සතුටක් මින්වා. ලස්සන නමක්.

*මින්වා:-* කම්සාහම්නිදා ( ස්තූතියි )

*ලේකම්:-*  එහෙනම් මිස් විහගි..අපි යමුද..?

*විහගි:-* ඔව් අපි යමු.

ඔවුන් ගුවන්තොටුපලින් නික්මී සුඛෝපභෝගී මෝටර් රථයක් අසලට පැමිණියා. රථයට ගොඩවීමට මොහොතකට පෙර ඇය දකුණු කොරියානු අහස දෙස බලා සතුටින් සිනාවක් පා කලේ ඇය ඇගේ සිහින දේශයට ආ වග දැන්වීමට මෙනි.

රථයේ ගමන් කරන ගමන්ම විහගි තම මවට දුරකථන ඇමතුකම් දුන්නේ ඇය සුරක්ෂිතව පැමිණි වග දැන්වීමටය.

*විහගි:-* අම්මා...මං දැන් මෙහෙටඇවිත් ඉන්නෙ. මං ආවා කියන්න කතා කලේ..පස්සෙ නිවීසැනසිල්ලේ කතා කරන්නම් හොදේ..😚😚

*අම්මා:-* හරි පරිස්සමින්..බුදු සරණයී. මං බලන් ඉන්නවා කතා කරනකම්.

*විහගි:-* බුදු සරණයි අම්මා.

දුරකථනය විසන්ධි කළ ඇය කවුලුවෙන් එපිට පේන දකුණු කොරියානු සුන්දරත්වය හදවතින්ම විද ගත්තේ මේ ඇය සිටින්නේ ඇය සිහින මැවූ සිහින දේශයේ කියන කරුණ මෙන්ම ඇගේ හිත පතුලේ හරි පරිස්සමට රැකගෙන ඉන්න ඇගේ ආදරය දිනාගත් පුද්ගලයාගේ පණ ගැහෙන හුස්ම මුසු වූ දේශයේ නේද කියලා හිතනකොට මොහොතකට දැනුනු ඒ හැගීමෙන්ය.♥️

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now