*ලේකම්:-* මිස්ටර් පාර්ක් මියුන්ජී, සුබ ආරංචියක්. මිස් විහගි අපේ ඩ්‍රාමා එකේ වැඩ බාරගත්තා. අනිද්දට එයා ලංකාවේ ඉදන් කොරියාවට එන්න ටිකට් ලෑස්ති  කරන්නද?

*පාර්ක් මියුන්ජි:-* Good News 😃 ඔව් අපි එයාව ගොඩක් ගෞරවයෙන් දකුණු කොරියාවට පිළිගන්න ඕනෙ. ඒ හැමදේම ලෑස්ති කරන්න.

*ලේකම්:-* ඒත් සර්, අපි තෝරපු ප්‍රදාන නලුවා  ඩ්‍රාමා එකේ වැඩ බාරගන්න බෑ කිව්වා නේද ? එතකොට වෙන කෙනෙක්ව ගන්නවද?
හැබැයි ඉතින් එයාම හිටියනම් මේ ඩ්‍රාමා එක අනිවාරෙන්  මුලු ලෝකෙම හොල්ලනවා. ඇයි ඉතින් ලෝකෙම ප්‍රසිද්ද දෙන්නෙක් ප්‍රදාන චරිත කරනකොට...😌

*පාර්ක් මියුන්ජි:-* නෑ නෑ  එයා අනිවාරෙන් මේ ඩ්‍රාමා එකට කැමැති වෙනවා. මං එයාව කැමැති කරවගන්න කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවා. එයා අපිට අපේ ඩ්‍රාමා එකේ ප්‍රදාන නලුවව අනිවාරෙන් ගෙනත් දෙනවා. ඒක මට ඉර හද වගේ විශ්වාසයි. 😌😌😌

පෙරදා හවස් යාමය V එළියට ගොස් අවශ්‍ය බඩුබාන්ඩාදිය රැගෙන ආ පසු කෑම බීම, විනෝදවීම් ආදියත් එක්ක ගෙවී ගියා. නමුත් අපේ නායක RM ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නේ අද.🤫

දහවල් වී වැඩ කිහිපයකටම සහභාගී වීමට තිබෙන හෙයින් BTS group එකේ සාමාජිකයක් ඒ සදහා තමාට පැවරී ඇති වගකීම් ඉටුකරමින් සිටියා. ඒ සියල්ල අවසාන කොට V නිවසේ ඉදිරිපස ඇති පිහිනුම් තටාකය අසලට වී Yeontan 🐶 සමග ටිකක් විවේකයෙන්සෙල්ලම් කරමින්  සිටියා. ඒක ගොඩක් වෙලාවට V කරන දෙයක්. ටික වෙලාවකින් අනිත් සාමාජිකයන්ට ඇසකින් ඉගි කරමින් RM V අසලට ගොස් ඉදගත්තා.

*RM:-* අහ්...Kim Yeontan, මොකෝ අපේ Kim Taehyung කියන්නේ...?

*V:-* නම්ජුනා...බල්ලගෙන් අහන්නෙ මං මොනාද කියන්නෙ කියලා..මගෙනුයි  අහන්න ඕනෙ ටැනී මොනාද කියන්නෙ කියලා.🤷‍♂️

*RM:-* ඔව් ඔව් මාත් මේ අහන්න තමයි හිටියෙ ඔයාගෙන්?

*V:-* මොනාද ටැනී ගැනද?😂

*RM:-*  V , මල්ලි...ඇයි ඔයා අර අලුතින් ඔයාට කතා කරපු ඩ්‍රාමා එකට බෑ කිව්වෙ? ඒක වෙනස්ම විදියෙ කතාවක්.  මීට කලින් කවදාවත් කොරියාවෙ ඒ වගේ ආදර කතාවක් ඩ්‍රාමා එකකටවත් ෆිල්ම් එකකටවත් කරලා නැහැ. පහුගිය දවස්වල ලෝකෙම ඇගයීමට ලක්වුණු ලංකාවේ දක්ෂ නිළියක් නේද ප්‍රදාන චරිතෙට ඔයත් එක්ක තෝරගෙන තියෙන්නෙ...ඉතින් ඇයි බෑ කියන්නෙ ?🤔

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now