23~ Opera

1.4K 329 245
                                    

1941 වර්ශය උදාවෙලා තිබුනා... දෙවෙනි ලෝක යුද්ධය ලෝකෙම විනාස කරමින් පැතෙරෙමින් තිබුනා... බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාවට සහය සපයමින් රුසියාව සමග යුද්ධ කිරීමට පටන්ගෙන තිබුනා... රුසියාව ඊට නොදෙවෙනි විදියට යුද්ධයට මූණ දෙමින් සිටියා... බ්‍රිතාන්‍ය පුරාම හිටිය රුසියානු ජාතිකයන් මරා දමමින්, සිරගත කර වධහිංසා කරමින් ඔවුන්ගේ ආත්මයම උරා බොන තරමට යුද්ධය දරුණුවටම පැතිරුනා...

ඒ හැමදේම එක්ක ටේහ්‍යොන්ග් හා ජන්කුක්ගේ ආදරය තව තව ශක්තිමත් කරමින් වැඩෙමින් තිබුනා... කිසිදා වෙන්කල නොහැකි ලෙස...

මුලු ප්‍රේක්ශකාගාරයම ඝන අදුරේ ගිලිලා තිබුනා... වේදිකාව මත පමණක් ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වෙලා තිබුනා... නමුත් වේදිකාවත් අඩ අදුරේ ගිලිලා තිබුනා... වේදිකාව මත රග දක්වන නාට්‍යයේ රංගන ශිල්පීන්ගේ මුහුණේ ඇදෙන වේදනාත්මක බව ඉටිපන්දම් එලියෙන් පවා හොදින්ම පේන්න තිබුනා... මුලු ශාලාව පුරාම වේදනාව විතරක්ම පිරුනු ඔපෙරා වාදනයක් ඇහෙමින් තිබුනා... ඔපෙරා ගායිකාවගේ ඇසින් පවා කදුලු ගලමින් තිබුනා...

"මගේ සිරියස් ඇයි ඔයා මේ විදියට මාව තනි කරලා දාලා ගියේ" වේදිකාව මත බිම ඉදගෙන තම පෙම්වතාගේ මළ සිරුර පපුවට තුරුලු කරගෙන අඩන ඇනස්ටාසියා නම් රංගන ශිල්පිනියගේ දෑසින් කදුලු ගලාගෙන යමින් තිබුනා... නාට්‍යක් වුනත් ඇය මුලු ප්‍රේක්ශකාගාරයම අඩවමින් රග දැක්වීම සිදු කරා...

ජර්මන් ජාතිකයෙක් වුන සිරියස්, බ්‍රිතාන්‍ය ජාතික ඇනස්ටාසියා සමග ආලයෙන් බැදී ඒ ආලය සමගම අවසන් ගමන් යන්නට විය... යුද සමයේ ඔවුන් එකිනෙකා හා ආලයෙන් වෙලී අවසානයේ සිරියස් යුද්ධය මැදදී අවසන් ගමන් යන්නට විය... ඇනස්ටාසියා එම වියෝව දරාගත නොහැකිව සියදිවි නසා ගැනීමට සැරසෙද්දී ඇයට දෙවියන් වහන්සේ රුව මැවී පෙනුනා... ඇය දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා මරණය ලගා කරන්න කියලා... අවසානයේ ඇයගේ ඉල්ලීමට කන් දුන් දෙවියන් වහන්සේ ඇයට මරණය වැලදගැනීමට අවස්තාව ලබා දුන්නා... ඇයගේ පෙම්වතාගේ මරණයෙන් හරියටම සතියකට පසු ඇය සියදිවි නසා ගත්තා...

soul keeper ||vkook||Onde histórias criam vida. Descubra agora