21~ Unxpected Confession

1.3K 352 89
                                    

"ජන්කුක්" පාරෙන් එහා පැත්තේ විශාල ගොඩනැගිල්ල ඉස්සරහා බිත්තියට හේත්තු වෙලා ඉන්න ජන්කුක්ට ටේහ්‍යොන්ග් හයියෙන් කෑගහලා කතා කරා... ඒ අවට පරිසරයම එකම එක එලියක්වත් නැතුව කලුවර වෙලා තිබ්බත් අහසේ තරු වල එලියෙන් ටේහ්‍යොන්ග් ජන්කුක් එතන ඉන්නවා කියලා අදුරගත්තා... එහෙමම පාර පැනලා ඒ පැත්තට දිව්ව ටේහ්‍යොන්ග් ජන්කුක් ඉස්සරහා හිටගත්තා...

"කුකී" ජන්කුක්ගේ නිකටෙන් අල්ලලා ඒ ඔලුව ඉස්සුව ටේහ්‍යොන්ග් ඒ කලු බෝල ඇස් දිහා බැලුවා... හිතුවා වගේම කදුලු පිරිලා තිබ්බ ඒ ඇස් දෙක දැක්කම ටේහ්‍යොන්ග් ජන්කුක්ව බදාගත්තා...

"ජන්කුක් ඇයි එකපාරටම එහෙම ආවේ" ටේහ්‍යොන්ග් ඇහුවම ටේහ්‍යොන්ග් කතා කරනකොට ඒ පපුව උඩට පහලට යනවා ජන්කුක්ගේ පපුවට හොදටම දැනුනා...

"නිකන් ටේහ්‍යොන්ග් ඒක නිකන් මට හුලං ටිකක් වැදෙන්න ඕන කියලා හිතුනා ඇත්තමයි ඒක නිකන් මම කියන්නේ මට මට නිකන් දැනුනා ඒ තැනට මාව ගැලපෙන්නේ නෑ කියලා ඇත්තමයි වෙන මුකුත්ම දෙයක් නෑ ටේහ්‍යොන්ග් ඇත්තමයි" හුස්මවත් නොගෙන එක දිගට කියාගෙන යන ජන්කුක්ව ටේහ්‍යොන්ග් තව ටිකක් තද කරලා බදාගත්තා...

"මයි ලව්, ඔයා හොදින් නේද සමාවෙන්න මට ගොඩක් දේවල් ඔයා එක්ක කතා කරන්න බැරි වුනා මම ඇත්තටම ගොඩක් බිසි කෙනෙක් ඔයා ඒක දන්නවා මට සමාවෙන්න ජන්කුක් මම හිතන්නේ අපි කතා කරන්න ඕන" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිට දිගේ අතක් පහලට අරන් ගිහින් ජන්කුක්ගේ කලිසමේ සාක්කුවට අත දැම්මා...

"ඇත්තමයි ටේහ්‍යොන්ගී මම හොදින්, මං ගැන හිතන්න එපා, මම ම.. මම එතනින් ආවේ එයාලා මගෙන් ප්‍රශ්න අහයි කියලා බය හිතුන නිසා ඇත්තමයි මාව විස්වාස කරන්න වෙන කිසිම දෙයක් නෑ ටේහ්‍යොන්ග්, අනික.. අනික මම එතනට ගැලපෙන්නේ නෑ ඒකයි" ජන්කුක් වෙනදට වඩා හයියෙන් හුස්ම ගන්න ගමන් එක දිගට කියාගෙන ගියේ නොසන්සුන්කමක් එක්ක... ජන්කුක් එතනින් ආව හේතුව ඒක නෙමෙයි කියන්න ටේහ්‍යොන්ග් දන්නවා කියලත් ජන්කුක් දන්නවා...

"මයි ලව්, මම මේ කරන්නේ ඔයාව ඒ තැනට ගැලපෙන විදියට හදන එක, අපි ගැලපෙන්නේ නෑ කියලා මේ විදියට අත ඇරලා දැම්මම අපි හැමදාම එකම තැන, උත්සහා කරන්න ජන්කුක් දේවල් උත්සහා කරන්න, අත් හදා බලන්න, ඉගෙන ගන්න අපි මැරෙනකම්ම දේවල් ඉගෙන ගන්නවා, ඔයාට පුලුවන් කුකී ඒක කරන්න පුලුවන් මාව විස්වාස කරන්න, මම ඔයා ලගම ඉන්නවා" ටේහ්‍යොන්ග්ගේ හිත නොසන්සුන්කමකින් පිරිලා තිබුනා... ඒත් ජන්කුක්ව සංසුන් කරන්න ඕන කියලා දැනෙද්දී ජන්කුක්ගේ කලිසමේ සාක්කුවේ තිබ්බ අතෙන් හිමින් ඇගිලි වලින් ජන්කුක්ගේ පිටුපස තෙරපන්න ගත්තා...

soul keeper ||vkook||Where stories live. Discover now