07~I Hate Him

1.5K 458 170
                                    

උදේ කෑම අරගෙන ඉවරවෙලා ටේහ්‍යොන්ග් ජන්කුක්ව ලැබ් එකට එක්කගෙන ආවා... උපකරණය සම්බන්ධ කරලා තියෙන මේසේ ලගින් ජන්කුක්ව වාඩි කරවලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත් දෙකෙන් අල්ලගත්තා...

"ඔයා අද ගොඩක් ලස්සනයි ජන්කුක්" ටේහ්‍යොන්ග් හිනාවෙලා කිව්වම ජන්කුක් ලස්සනට හිනාවුනා... ජන්කුක්ගේ අත් දෙකම එක අතකින් අල්ලගත්ත ටේහ්‍යොන්ග් හිනාව ඒ විදියටම තියාගෙන උපකරණයට සම්බන්ධ වෙලා තියෙන මාලිමාව වගේ කොටස පණ ගැන්වුවා... ඒකේ කටු දෙකම රතුපාට බිංදුව ලග නතර වෙලා තියෙද්දී ටේහ්‍යොන්ග් ඒකට සම්බන්ධ වෙලා තියෙන එක වයර් එකක් අරගෙන ජන්කුක්ගේ නලලේ කොනකින් තියලා තද කරා...

"කුකී ඔයා අද ඇත්තටම ලස්සනයි, ඔය ඇදුම ඔය තරම් ලස්සනට ඔයාට ගැලපෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ" එහෙම කියලා ටේහ්‍යොන්ග් උපකරණයේ ස්විච් එක ඔන් කරාම ජන්කුක් ගැස්සිලා ඇස් වහාගෙන ටේහ්‍යොන්ග්ගේ අත මිරිකලා අල්ලගත්තා...

"ජන්කුක් ඔයා හොදින්, හොදටම හොදින් ඕකේ සැහැල්ලුවෙන් හුස්මක් අරන් පහත දාන්න බලන්න" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ටේහ්‍යොන්ග් කිව්ව විදියටම ගැඹුරු හුස්මක් අරන් පහත දැම්මා... උපකරණයේ කටු කලුපාට පැත්තට කැරකුනාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත අතඇරලා ජන්කුක්ගේ පිටිපස්සට ගිහින් හිටගත්තා... හිටගෙන ජන්කුක්ගේ පිටට තමන්ගේ යට කොටස හේත්තු කරගත්තා...

"මම උණුසුම් එහෙමනේ ජන්කුක්" හිනාවෙලා ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ඔලුව වැනුවා... "හොදයි එහෙනම් මම ප්‍රශ්න ටිකක් අහන්නම් මට උත්තර දෙනවද" ජන්කුක් ඒකටත් ඔලුව වැනුවා... ටේහ්‍යොන්ග් තව ටිකක් තමන්ගේ උණුසුම ජන්කුක්ට දැනෙන විදියට ලංවෙලා කතා කරා...

"සොෆියා"

"බෙස්ට් ෆ්‍රෙන්ඩ්"

"මෘදු දෙයක්"

"වතුර"

"සුවද"

"පිරිසිදුයි"

"බල්ලා"

"කැට්"

එහෙම කියලා ජන්කුක් හිනාවුනා... හයියෙන් හිනාවුනා... "කැට් ගැන මතක වුනේ ඇයි ඔයාට" ජන්කුක් ආයේ හිනාවුනා... කටු කලුපාට පැත්තට තවමත් ගමන් කරමින් තිබ්බා...

soul keeper ||vkook||Where stories live. Discover now