Chapter 18

1.6K 367 92
                                    


" ටේඒඒඒඒ එපාආආආආආආ"

" බේබි මොකෝ මේ ම්ම්ම් "

මම එකපාරටම කෑගහගෙන ඇදේ ඉදගන්නකොට ටේහ්‍යුන් මගෙන් ඇහුවේ මගෙ දිහා පුදුම වෙලා බලලා... මම හයියෙන් හුස්ම ගන්නවා... මම බය වෙලා වගේ වටපිට බැලුවේ මුකුත් හිතාගන්න බැරුව...

" බේබී මොකෝ ආ.. මේ වතුර එක බීලා ඉන්නකෝ "

ටේහ්‍යුන් මට වතුර වීදුරුවක් දීලා කියනකොට මම ඒක අරන් එක උගුරට බීගෙන බීගෙන ගියා... මට හොදටම දාඩිය දාලා තිබ්බේ... මම ඇදන් හිටපු සුදු පාට ශර්ට් එකත් පෙගිලා වගේ...

" මොකෝ උනේ ආහ් "

ටේහ්‍යුන් වතුර එක ටේබල් එක උඩින් තියලා ඇදේ ඉදගෙන මගෙ අත අල්ලගත්තා... මම තාමත් සන්සුන් වෙලා නෑ... මම හයියෙන් හුස්ම ගන්න ගමන් වචන ගැටගහගන්න උත්සාහ කලා... ඒ ගමන් මට දෙයක් මතක් උනා වගේ මම ටේහ්‍යුන්ගෙ ශර්ට් එක ගලවලා එයාගෙන් අයින් කලේ එයා පුදුම වෙලා මගෙ දිහා බලන් ඉන්නකොට... මගෙ ඇගිලි හිටන් වෙව්ලන්න අරගෙන තිබ්බේ...

" බේබී මොකෝ මේ.. "

මම කිසිම කතාවක් නැතුව එයාගෙ පිට දිහා බැලුවේ ඇගේ ලේ වතුර වෙලා තියෙනකොට... ඕහ් මයි ගෝඩ් එයාට මුකුත් වෙලා නෑ මම සැනසුම් සුසුමක් හෙලුවේ මගෙ පපුවට අත තියාගන්න ගමන්...

" බේබී.. සූ...සූ අඩන්න එපා ඒක හීනයක් විතරයි හරිද ?"

ටේහ්‍යුන් මගෙ පිට අතගාන ගමන් මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා... මමත් එයාගෙ ඉන වටෙන් අත දාලා එයාගෙ නිරුවත් පපුවට මූන තියන් හිටියේ...

" ආව් මොනාද කරන්නේ.. ?"

මම හිතට ආපු අදහසකට එයාගෙ බන්ඩි ගෙඩියට ඇගිල්ලෙන් අනිනකොට එයා මාව ඈත් කරලා මූන නපුරු පාටට හදාගෙන මගෙන් ඇහුවා... මමත් තොල පිට පෙරලන් ආයෙත් එයාගෙ බන්ඩියට ඇගිල්ලෙන් අනිනකොට එයා මගෙ අත් දෙක අල්ලගත්තේ මගෙ ඇග පිටිපස්සට තියලා...

" දැන් නිදාගන්න... රෑ වෙලානේ... "

ටේහ්‍යුන් මාව තුරුල් කරගෙන ආපහු නිදාගන්නකොට මම එයාගෙ පපුවෙ ඇගිල්ලෙන් කුරුටු බූටු ගගා හිටියේ... එයා ඒවට හිනාවෙනවා මම දැක්කා...

❗ BIT ME ❗[ Complete ]Место, где живут истории. Откройте их для себя